16th~

1.3K 308 24
                                    

ජන්ග්කුක් හිටියෙ තමන්ගෙ කලාගාරේ. ජන්ග්කුක් එතනට ආවේ මාස ගානකින් නිසා ජන්ග්කුක් ට අමුතුම හැගීමක් දැනුනා.. අද ඒ හැමදේටම වඩා ජන්ග්කුක් ගෙ හැගීම් අමුතු උනා..

හිස් කැන්වස් එකක් ලෑස්ති කරගත්ත ජන්ග්කුක් දොර දිහාම බලාගන හිටියෙ හුගක් නොයිවසිල්ලෙන්.. ටේහ්‍යුන් තමන්ගෙ ඉල්ලීම පිලිගත්ත එකම ජන්ග්කුක් ට ලොකු අස්වැසිල්ලක් උනා..

වෙලාව විනාඩියෙන් විනාඩිය ගෙවෙද්දි ජන්ග්කුක් ගෙ ඉවසීමත් ටික ටික නැතිවෙලා ගියා.. තමන්ගෙ මහපට ඇගිල්ල දබර ඇගිල්ලෙන් පහුරු ගාන ගමන් දොර දිහා බලාගන ඉද්දි එකපාරටම දොර ට තට්ටු කරන සද්දයක් ඇහුන නිසා ජන්ග්කුක්  ඉදගන හිටපු තැනින් නැගිට්ටා..

කලබල උන පාර ළඟ තිබුන පේන්ට් බෝතලයකුත් පෙරලගනම ජන්ග්කුක් දොර ලඟට ගිහින් දොර ඇරියාම බලාපොරොත්තු උන හීනි දිගැටි ඇස් දෙක ජන්ග්කුක් ට හම්බුනා..ටේහ්‍යුන් අද හිටියෙ සැහැල්ලු කමිසයකින් වගේම දුබුරු පාට සැහැල්ලු කලිසමකින් සැරසිලා.. ඒ විදියත් ටේහ්‍යුන් ට ඕනාවට වඩා ගැලපුනා.. ටේහ්‍යුන් එක අතක් සාක්කුවට දාගන අතින් අතෙ සිගරට් එකක් තියාගන  ජන්ග්කුක් දිහා බලාගන හිටියා..

"එන්න.."

ජන්ග්කුක් දොර ළඟින් අයින් වෙලා ටේහ්‍යුන් ට ඇතුලට එන්න ඉඩ දුන්නාම ටේහ්‍යුන් අතේ තිබ්බ සිගරට් එක බිමට දාලා පාගල ඇතුලට ආවා..

"කොතනද මම ඉන්න ඕන?"

ටේහ්‍යුන් ට ජන්ග්කුක් එක්ක පෞද්ගලික කතා බහක් නෑ කියල අඟවන්න වගේ කෙලින්ම ආව වැඩේ ගැන කතා කරද්දි ජන්ග්කුක් ගෙ හිත රිදුනා උනාට ජන්ග්කුක් ඒක ගැන ඕනාවට වඩා හිතන්න ගියේ නෑ..

"මෙතනින් ඉදගන්න"

ජන්ග්කුක් කියද්දි ටේහ්‍යුන් ජන්ග්කුක් පෙන්නුව තැනින් ඉදගන්න හැදුවත් ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ අතෙන් අල්ලල නතර කරපු නිසා ටේහ්‍යුන් ඇහිබැමකුත් උස්සලා ජන්ග්කුක් දිහා බැලුවා..

"ම්-මට ඕන ඔයාව ඇදුම් නැතුව අදින්න.."

ජන්ග්කුක් ගෙ වචනත් එක්ක ටේහ්‍යුන් ටික වෙලාවක් එහෙමම ජන්ග්කුක් දිහා බලන් ඉදල වචනයක් වත් නොකියා තමන්ගෙ කමිසෙ ගලවන්න ගත්තා.. ටේහ්‍යුන් ගෙ උඩු කය නිරුවත් වෙද්දි ජන්ග්කුක් ගෙ කම්මුල් රතු වුනේ ටේහ්‍යුන්  ජන්ග්කුක් දිහා බලල කට කොනකින් හිනාවෙද්දි.

VOLCANO✔️Where stories live. Discover now