12th~

1.5K 319 24
                                    

ටේහ්‍යුන් හිටියෙ ජන්ග්කුක් ගෙ චිත්‍ර කාමරේ ලඟ.. ටේහ්‍යුන් මෙතන්ට එන්න හේතුව ටේහ්‍යුන් වත් දැනගන හිටියෙ නැති උනාට ටේහ්‍යුන් ට ඕන උනා ජන්ග්කුක් ව බලන්න.. පංතියෙ ළමයි සේරම එලියට යනකල් ඉදල ටේහ්‍යුන් චිත්‍ර කාමරේ ඇතුලට යන්න හදනකොටම ජන්ග්කුක් ෆයිල් ටිකක් තුරුල් කරගන චිත්‍ර කාමරෙන් එලියට ආවා..

"ට්-ටේහ්‍යුන්?"

ටේහ්‍යුන් ව දැක්කම ජන්ග්කුක් එකපාරටම ගැස්සුනා.. ඇස් බෝල කරගන ටේහ්‍යුන් දිහා බලන් ඉන්න ජන්ග්කුක් ව දැක්කාම ටේහ්‍යුන් හිනාවුනා.. ඒ රෝස පාට වෙලා තියන කම්මුල් දැක්කාම ටේහ්‍යුන් ට ඒවා මිරිකන්න ඕන උනත් ටේහ්‍යුන් තමන්වම පාලනය කරගත්තා.. ජන්ග්කුක් ළඟ ඉද්දි තමන්ට දැනෙන මේ හැගීම ටේහ්‍යුන් වම අමුතු තැන් වලට ගෙනිච්චා..

"ටේහ්‍යුන්.. ඇ-ඇයි ඔයා මෙතන?"

"ඔයා ආස නැද්ද පෙට් මම එනවට? හොදයි මම යන්නම්"

ටේහ්‍යුන් එහෙම කියල බොරු අමනාප මූනක් මවාගන අනිත් පැත්ත හැරෙද්දි ජන්ග්කුක් ඉක්මනට ටේහ්‍යුන් ගෙ අතෙන් අල්ලගත්තා..

"එ-එපා ඉන්න"

ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ අතෙන් අල්ලගෙන එහෙම කියද්දි ටේහ්‍යුන් ආපහු හැරිලා ජන්ග්කුක් දිහා බලල තමන්ගෙ අත දිහා බලද්දි ජන්ග්කුක් ඉක්මනට තමන්ගෙ අත ටේහ්‍යුන් ගෙ අතෙන් අයින් කරගත්තා..

"මං ආවෙ ඔයාව බලන්න පෙට්.."

"ජන්ග්කුක්.."

"අහ්?"

"මේහෙදි මම පෙට් නෙවෙයි.. ජන්ග්කුක් !"

ජන්ග්කුක් ගෙ මූන පිම්බිලා තියන විදිය දැක්කම ටේහ්‍යුන් ට හිතුනෙම ඒවා අල්ලන්න..ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ මූන දිහා බලල හිනාවෙලා ජන්ග්කුක් ගෙ නහයට තට්ටුවක් දැම්මාම ජන්ග්කුක් නහය අකුලගන හුරතල් විදියට ටේහ්‍යුන් දිහා බැලුවා..

"හොදයි මිස්ටර් ජොන් ජන්ග්කුක් .. මම ආවේ මාත් එක්ක ගමනක් යන්න එනවද අහන්න"

"කොහෙද?"

ජන්ග්කුක් ගෙ ඇස් දිලිසුනා.. ටේහ්‍යුන් කට කොනකින් හිනාවෙලා එතනින් එන්න හැරෙද්දි ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ පස්සෙන්ම විශ්වවිද්‍යාලෙන් එලියට ගියා..
<>

VOLCANO✔️Where stories live. Discover now