9th~

1.4K 352 41
                                    

ජන්ග්කුක් හිටියෙ හුගක් නොසන්සුන් වෙලා.. ටේහ්‍යුන් ගෙ පලවෙනි කාලච්ජේදෙ ඉවර වෙනකල් ජන්ග්කුක් කලේ පන්තිකාමරය ඉස්සරහ එහාට මෙහාට ගිය එක.. ටේහ්‍යුන් ගෙ දේශන වෙලාව පැය දෙකක් උනාට ජන්ග්කුක් ට ඒක දැනුනෙ පැය දහයක් වගේ.. පැය දෙක පුරාවටම එහාට මෙහාට ඇවිදල ජන්ග්කුක් ගෙ කකුල් රිදෙන්න අරන් තිබුනා..

එතනින් යන ළමයි ජන්ග්කුක් දිහා අමුතු විදියට බැලුවත් ජන්ග්කුක් ට ඒක ගැන වගක් උනේ නෑ.. මොකද ජන්ග්කුක් ට ඕන උනේ ටේහ්‍යුන් ව මුණගැහෙන්න.. ටේහ්‍යුන් ට තමන්ගෙ හිතේ තියන අලුත් අදහස වගේම තමන් ඊයෙ රෑ මහන්සි වෙලා ඇදපු දේ පෙන්වන්න.. ජන්ග්කුක් හුගක් කලබල වෙලා හිටියා වගේම ජන්ග්කුක් ගෙ පපුව වේගෙන් ගැහෙන්න අරන් තිබුනා..

අවසානෙ කොහොමහරි පැය දෙක ඉවර වෙලා ටේහ්‍යුන් ගෙ ළමයි හැමෝම පංතිකාමරෙන් එලියට එනකල් ජන්ග්කුක් බිත්තියකට හේත්තු වෙලා බලාගන හිටියා.. අන්තිම ළමයත් එලියට ඇවිත් ඉවර ඇති කියල හිතපු ජන්ග්කුක් පංති කාමරේ ඇතුලට යන්න හිතාගාන දොර ලඟට ගියත් ජන්ග්කුක් ගෙ කකුල් එහෙමම නතර උනා..

පංතිකාමරය ඇතුලෙ ටේහ්‍යුන් හිටියෙ තනියම නෙවෙයි.. ශිශ්‍යාවක් කියල හිතන්න පුලුවන් තරමෙ ලාබාල ගෑනු ළමයෙක් ටේහ්‍යුන් එක්ක හිටියා.. පෙනුමෙන් ටේහ්‍යුන් පාඩමක් කියල දෙන බව පෙනුනත් ඒ ගෑනු ළමයගෙ ඇස් තිබ්බෙ පොත දිහාවට යොමුවෙලා නෙවෙයි..

ටේහ්‍යුන් දිහා කෑදර කමෙන් බලන් ඉන්න කෙල්ල දැක්කාම ජන්ග්කුක් ගෙ අත් මිට මෙලවුනා.. පාඩම අහගන්න මුවාවෙන් ටේහ්‍යුන් ලඟට ඒ කෙල්ල තව තවත් ලං වෙනව දැක්කාම ජන්ග්කුක් ට ඉහිලුම් නැති උනා.. ටේහ්‍යුන් හිටියෙ පොත දිහා බලාගන උනාට ජන්ග්කුක් ට තේරුනා එතන වෙන්න යන දේ..

ටේහ්‍යුන්ගෙත් ඒ තරුණියගෙත් අතර තිබ්බෙ හුගක් පොඩි පරතරයක්.. තව ටික වෙලාවක් ඉවසීමෙන් බලන් හිටපු ජන්ග්කුක් ගෙ ඉවසීම නැත්තටම නැතිවුනේ ඒ කෙල්ල අහම්බයක් කියල අඟවන ගමන් ටේහ්‍යුන් ගෙ අත උඩින් තමන්ගෙ අත තියන ව දැක්කාම..

"ටේහ්‍යුන්!!"

ජන්ග්කුක් ගෙ කටහඩට ඒ කෙල්ල වගේම ටේහ්‍යුනුත් හොදටම ගැස්සුනා.. තප්පරේට ටේහ්‍යුන් ගෙ ලගින් ඈත් උන කෙල්ල ජන්ග්කුක් දිහා බයෙන් බලාගන ඉද්දි ජන්ග්කුක් ඒ තරම් හයියෙන් කෑගහන්න හේතුවක් හිතාගන්න බැරි ටේහ්‍යුන් ජන්ග්කුක් දිහා පුදුමෙන් බලාගන හිටියා.

VOLCANO✔️Where stories live. Discover now