3rd~

1.9K 395 72
                                    

මට හිතගන්න බෑ ජිමින් තමුන් තාමත් මේ බාර් එකට රිංගනව කියල!"

ටේහ්‍යුන් තවත් විස්කි වීදුරුවක් කටට හලාගන්න ගමන් එහෙම කියද්දි ජිමින් කලේ කට කොනකින් හිනාවුන එක.. ජිමින් ඒ හිනාවුනේ ටේහ්‍යුන් ට නෙවෙයි තමන්ට.. ජිමින් එහෙම කියන ගමන් බාර් එකේ එහා කොනට වෙන්න හිටපු බාර් ටෙන්ඩර් දිහා බැලුවා.. සුදුමැලි අත පය එහෙට මෙහෙට කරන ගමන් වැඩ කරන ඒ කෙනා වෙනදා වගේම අදත් ජිම්න් දිහා නිකමටවත් බැලුවෙ නෑ

"ජන්ග්කුක් ගැන මොකද!"

ජිමින් තමන් ගෙ ඇස් තිබුන තැනින් අහකට අරන් ටේහ්‍යුන් ගෙන් එහෙම අහනකොට ටේහ්‍යුන් තවත් විස්කි වීදුරුවක් හිස් කලා..

"ඒ රෙබෙකා ගෙ පෙම්වතා..කලිනුත් කිව්වා වගේම"

ටේහ්‍යුන් හිටියෙ ටිකක් මත් වෙලා උනත් ටේහ්‍යුන් ට තාමත් ඔලුව කෙලින් තියාගන ඉන්න පුලුවන් උනා..

"උබට අමතක වෙලා වගේ මං උබේ හොදම යාලුවා කියල.."

ජිමින් එහෙම කියන ගමන් ටේහ්‍යුන් දිහාම බලාගන ඉද්දි ටේහ්‍යුන් බාගෙට පියවුනු ඇස් වලින් ජිමින් දිහා බැලුවා..

"කිම් ටේහ්‍යුන් කියන දාර්ශනික ලන්ඩන් මහාචාර්යවරයා කවදාවත් දැකල එක දවසක් උන මනුස්සයෙක් ව කිසිම දේකට නිර්දේශ කරන්නෙ නෑ..තමන් සහතික වෙන එක කොහොමටවත්ම කරන්නෙ නෑ.. මොකද්ද ජන්ග්කුක් ගෙ විශේශත්වේ?"

ජිමින් ඇහුවාම ටේහ්‍යුන් ජිමින් දිහා බලල කට කොනකින් හිනා වුනා..

"ඒ රෙබෙකාගෙ පෙම්වතා.. ඒක තමයි විශේශත්වය"

"රෙබෙකාම විශේශ නැති උබට රෙබෙකා ගෙ පෙම්වතා විශේශ වුන එක තමයි මෙතන හිතන්න ඕන කාරණාව"

ජිමින් එහෙම කිව්වාම ටේහ්‍යුන් ගෙ මූනට අමුතුම හිනාවක් ආවා.. ඒක හරියට තමන් කරන්න ඉන්න දේ ගැන තමන්ටම ආඩම්බරයක් ආවා වගේ හිනාවක්..

"රෙබෙකා වත් ජොනතන් වත් මම කොරියා ආවා කියල දැනගන හිටියෙ නෑ.. මම ජන්ග්කුක් ගෙ ගෙදරට යනකල්ම.."

ටේහ්‍යුන් විස්කි වීදුරුවෙ කට දිගේ අත ගෙනියන ගමන් එහෙම කිව්වාම ජන්ග්කුක් ටේහ්‍යුන් දිහා බැලුවා..

VOLCANO✔️Where stories live. Discover now