6th~

1.5K 362 39
                                    

ජන්ග්කුක් හිටියෙ නාන කාමරේ.. අද දවසම රෙබෙකා එක්ක ගතකරන්න වෙන බව මතක් වෙද්දිත් ජන්ග්කුක් ගෙ හිසේ අමාරුව වැඩි වුනා.. ජන්ග්කුක් ඒ ගැන හිතන ගමන් කණ්නාඩිය ඉස්සරහට ගියේ පුරුද්දට උනත් ඒකෙන් පෙනුන තමන්ගෙ ප්‍රතිබිම්බය දැක්කාම ජන්ග්කුක් ගැස්සුනා..

පපුව පුරාවටමත් බෙල්ලෙ යට කොටසත් ආක්‍රමනය කරල තිබ්බ දම් පාට සලකුනු ජන්ග්කුක් ව අඩි දෙකක් පිටිපස්සට විසික් කලා.. ඒ සලකුනු මත ඇගිලි යවන ගමන් ජන්ග්කුක් ඊයෙ වුන දේවල් ගැන කල්පනා කරද්දි ඒ දේවල් ජන්ග්කුක් ට චිත්‍රපටයක් වගේ මැවෙන්න ගත්තා..

ජන්ග්කුක් ට කෑගහන්න ඕන උනත් රෙබෙකා නිසා ඒක කරගන්න පුලුවන් උනේ නෑ.. ජන්ග්කුක් තමන්ගෙ කට තමන්ගෙ අත්වලින් ආවරනය කරගන එහෙමම බිම ඉදගත්තා..

තමන් ටේහ්‍යුන් නිසා ජීවිතේ පලවෙනි වතාවට බිව්ව හැටි, තමන් ටේහ්‍යුන් ව බලෙන්ම සිපගත්ත හැටි.. ටේහ්‍යුන් ට තමන්ව සිපගන්න කියල ආයාචනා කරපු හැටි, ටේහ්‍යුන් තමන්ව උමතුවෙන් සිපගත්ත හැටි, ස්පර්ශ කරපු හැටි ඒ හැමදේම ජන්ග්කුක් ට එකින් එක මැවිලා පෙනෙද්දි ඇග ඇතුලෙන්ම ආව හිරිය ජන්ග්කුක් ව උමතු කලා..

හැගීම් ගොන්නක් එක්ක ජන්ග්කුක් ගෙ සාමාජිකයත් අවදි වෙන්න ගත්තෙ ජන්ග්කුක් ට ඒක පාලනය කරගන්න බැරිවෙද්දි.. තමන්ගෙ පෙම්වතිය එලියෙ ඉදන් තමන් එනකල් බලාගන ඉද්දි තමන් මේ විදියට තවත් කෙනෙක් ගැන.. ඒකත් පිරිමියෙක් ගැන හිතන එකට ජන්ග්කුක් තමන්ටම සාප කරගත්තා..

පැය එකහමාරක් විතර වැය කරල කොහොමහරි ටේහ්‍යුන් ව තමන්ගෙ මනසෙන් ඈත් කරගන්න ජන්ග්කුක් ට පුලුවන් උනා.. ඒත් කවුරුත් දැනගන හිටියෙ නෑ ඒ කොයිතරම් වෙලාවකටද කියල..
.
.
.
.
.
.
.
.
.
.

ජන්ග්කුක් හිටියෙ රෙබෙකා එක්ක සිනමාශාලාවක. පැය දෙකක් පුරාවට ගිය චිත්‍රපටය ගැන අල්පමාත්‍රයක මතකයක් වත් ජන්ග්කුක් ට තිබුනෙ නෑ...

"රිචඩ් එලිස් ව කිස් කරපු විදිය මතක් වෙනකොට මාව කිතිකැවෙනව.. ඔයාට එහෙම නැද්ද ජන්ග්කුක් ?"

චිත්‍රපටය බලල එලියට එන අතරතුර රෙබෙකා ගෙ අතොරක් නැති කියවිල්ලෙන් එක වචනයක් වත් ජන්ග්කුක් ගෙ ඔලුවට ගියෙ නෑ.. තමන් අහපු දේ ට කිසිම ප්‍රතිචාරයක් නොදී සිනමාශාලාවෙන් එලියට ඇවිදගන යන ජන්ග්කුක් දිහා රෙබෙකා කේන්තිය පිරුණු බැල්මකින් බලාගන හිටියා

VOLCANO✔️Where stories live. Discover now