20th~

1.2K 315 69
                                    

"ට්‍රිප් එකක් යනව කියල හැමෝටම බොරු කරල දවස් දෙකක් තිස්සෙ ඔයා කොහෙද ගියෙ මිස්ටර් ජොන් ජන්ග්කුක් ??"

රෙබෙකා ගෙ ඇස් කෙලින්ම වැටිලා තිබ්බෙ ජන්ග්කුක් ගෙ ඇස් දිහාට. කිසිම විදියකින් ජන්ග්කුක් ට බේරුමක් නෑ කියන්න වගේ රෙබෙකා එක එල්ලෙම ජන්ග්කුක් දිහා බලාගන හිටියා..

ජන්ග්කුක් ගැස්සුනා.. කියාගන්න දෙයක් නැතිවෙද්දි ජන්ග්කුක් කලේ කලබලෙන් වටපිට බලපු එක.. රෙබෙකා දේවල් දැනගත්තෙ කොහොමද තමන් රෙබෙකාගෙ ප්‍රශ්නෙට දෙන්න ඕන මොනවගේ උත්තරයක්ද කියන එක ජන්ග්කුක් ට හිතාගන්න බැරිවුනා වගේම මේ වෙද්දි ජන්ග්කුක්ගෙ අල්ල දාඩියෙන් නෑවිලා තිබ්බා..

තමන්ගෙ අතේ තිබ්බෙ පුංචි වීනස් ව ඇගිලි වලින් පොඩි කරන ගමන් ජන්ග්කුක් බිම බලාගනම හිටියා.. ජන්ග්කුක් ට තේරුනා රෙබෙකා ටික ටික තමන් ලඟට එන බව. ඒත් ජන්ග්කුක් ට රෙබෙකාට මූන දෙන්න තරම් ශක්තියක් තිබ්බෙ නෑ..

"ජන්ග්කුක්! මම මේ ඔයාට කතා කරන්නෙ!"

රෙබෙකාගෙ කටහඩ කවදාටවත් වඩා රලු වෙලා තිබ්බා.. රෙබෙකා ජන්ග්කුක් ගෙ කමිසෙ කොලර් එකෙන් ඇදල ගද්දි ජන්ග්කුක් ඔලුව උස්සල රෙබෙකා දිහා බැලුවා

"මං හැමදෙයක්ම දැනගනයි කතා කරන්නෙ ජන්ග්කුක් !"

රෙබෙකා ගෙ වචන එක්ක ජන්ග්කුක් ගෙ ඇස් ලොකු උනා.. බයට ජන්ග්කුක් ගෙ තොල් වෙව්ලන්න ගද්දි ජන්ග්කුක් බයවුනු ඇස් වලින් රෙබෙකා දිහා බලද්දි රෙබෙකා රතු උන බය හිතෙන ඇස් දෙකකින් ජන්ග්කුක් දිහා බැලුවා..

"ඔයාගෙ බෙල්ලෙ තිබ්බ දම් පාට පැල්ලම්, මාත් එක්ක වෙඩින් ඩ්‍රෙස් තෝරන්න ඇවිත් ෆෝන්බූත් අස්සෙ රිංගගන හොරෙන් හොරෙන් කතා කරන ඒවා මම දන්නෑ කියලද හිතන්නෙ ජන්ග්කුක් ? මාව මගාරින එක, හැමවෙලේම කැම්පස් වැඩ කිය කිය එහෙ මෙහෙ යන එක, ඒ හැමදේම ගැන මම දන්නෑ කියලද හිතන්නෙ? "

ජන්ග්කුක් හිටියෙ කලබල වෙන්න පුලුවන් උපරිමේටම කලබල වෙලා. කියන්න කිසි දෙයක් හිතාගන්න බැරිවෙද්දි ජන්ග්කුක් ගෙ තොල් දෙකම වේලිලා ගියා.. රෙබෙකා ටේහ්‍යුන් ගෙත් තමන්ගෙත් සම්බන්දෙ ගැන දැනගත්තෙ කොහොමද කියල ජන්ග්කුක් ට හිතාගන්න බැරිවුනා.. ඒ වගේම ඒ වගේ දේකට පස්සෙ රෙබෙකාට මූන දෙන්නෙ කොහොමද කියලත් ජන්ග්කුක් ට හිතාගන්න බැරිවුනා..

VOLCANO✔️Where stories live. Discover now