From Him To Him~

1.9K 348 132
                                    

අහංකාරයි නුබේ හීනි ඇස් දෙක පවා
දුටුව දා ඉදලාම හදවතේ පැලවුනා
අමතකව ගිය දිනක් නම් මතක නැති වුනා
හිත පුරා සැරිසැරුවෙ වෙන කවුද නුබ විනා

ප්‍රථම හාදුව නොවෙයි නමුත් මා ඇවිලුනා
හදවතේ කතාවන් නවත්වනු බැරිවුනා
අවනතව නැති හැගුම් පොදියක්ම එක් වුනා
ඉතින් අවසානයේ නුබට මා හිමිවුනා

රවටන්න හැකිවුනේ කෙලෙසදැයි නොහොබිනා
හිත කෑලි විසිරිලා ලේ වලින් පෙගවුනා
අත් පාද වාරු නෑ අසරණව ගුලිවුනා
ඒත් මගේ හදවතට නුබ නැතිව බැරිවුනා

නොදැක ඉන්නටම හිත හදාගනු හැකිවෙලා
ඒත් නුබ නැති දවස කල්පයක් මෙන් වුනා
නැතුව ඉනු බෑ කියනු දැන් පමා වැඩිවෙලා
අවසාන මොහොත තෙක් නුබට මා පෙම් කලා

I love you till the end...

His Venus : Jeon Jungkook

___________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

___________________________________

සිත්තටම නැගුනු තනි තරුවක්ව දිලිසුනා
තරු ඇස් මගේ නමට ලියවිලා හිණැහුනා
රලු පපුව මෙලෙක් වී නුබෙ නමට දියවුනා
පලිගන්න හිතුව හිත කෝ කොහෙද සැගවුනා

සුදු පාට මල් පෙත්ත සුලගෙ පාවී ගියා
මල් මිලින වී පෙතිත් අකාලෙ ඇකිලුනා
පෙම් කරන විට මමත් දැන් හුගක් පහුවෙලා
සමා ගනු නොහැකි තැන අනේ මම ලතවුනා

රලු පාට යක්ශනිය මා අතින් මියැදුනා
හිතේ හිරවුනු සුසුම් ළය එක්ක නැතිවුනා
අවසන් වරට දැකගන්න මට හැකිවුනා
තරු ඇසුත් තවම මේ මටම මෙන් දිලිසුනා

හිතත් කිසි දොසක් හෙම නැතුවාම හිනැහුනා
ඔබව හිමිවන්න මම පිංකාර මදි වුනා
අනේ එක් වරක්වත් පිලිගන්න ඔබ තමා
අවසානයට පසුත් මගේ පෙම හිමි කෙනා

My love will never end...

His love: Taehyungie

His love: Taehyungie

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

✒️...
ප්‍රේමය හමුවන්නේ සියල්ල අහිමි වූ පසුත් අත් නොහල තැනයි...🍂

VOLCANO✔️Where stories live. Discover now