27th~

1.2K 310 45
                                    

ටේහ්‍යුන් ට දැනුන හැගීම ගැන එයාටවත් තේරුමක් තිබ්බෙ නෑ. ටේහ්‍යුන් ටික වෙලාවක් ජිමින් දිහා බලාගන ඉදල එකපාරටම පැනල ජිමින් ව බදාගත්තා.. ටේහ්‍යුන් ගෙ තාත්තගෙ සොහොනට පලවෙනි වතාවට ගිය දවසට පස්සෙ ටේහ්‍යුන් ජිමින් ව බදාගත්තෙ අද. ජිමින් ට හිතාගන්න බැරිවුනා සතුටු වෙන්නද දුක් වෙන්නද කියල.. ජිමින් කලේ ටේහ්‍යුන් ගෙ ඔලුව හිමීට අතගාපු එක.

"අ-අපි යන් .. මට එයාව බලන්න ඕන!"

"ඒත් ටේ-"

"ඔව් ඔව් මම දන්නව. ඒත් මට එයාව බලන්න ඕන. එකම එක පාරක්. මම මිසිස් ජොන් ට කියන්නම් මේ වතාව අන්තිම වතාව කියල"

ටේහ්‍යුන් හිටියෙ පුදුම තරම් උද්‍යෝගෙකින්. එයාගෙ මූනෙ තිබ්බෙ පොඩි දරුවෙක්ගෙ තියන ජාතියෙ කිසි කහටක් නැති හිනාවක්..

"ටේ මේ අහපන් ජන්-"

"යන්න කලින් එයාට ගෙනියන්න දෙයක් ඕන..මොනාද මම...අහ් මල්, මගේ ජන්ග්කුක් ආසයි සුදු කැමේලියා මල් වලට"

ටේහ්‍යුන් එහෙම කියල ජිමින් වත් තල්ලු කරගන ගාර්ඩ්න් එකට දිව්වා. ටේහ්‍යුන් ගෙ සුදු පාට කැමේලියා ගහේ මල් පිරිලා තිබුනෙ හරියට ජන්ග්කුක් වෙනුවෙන් එයලා සූදානම් වෙලා වගේ.

ටේහ්‍යුන් එයාගෙ රතු පාට කැමේලියා මල් ගහ ළඟ නතර වෙලා ටික වෙලාවක් බලාගන හිටියා. ඊටපස්සෙ තමන් එක්කම හිනාවුන ටේහ්‍යුන් රතු මල් ගහ පහුකරගන සුදු පාට කැමේලියා ගහ ලඟ නතර උනා..

"ඔයාට හරියනම පාට සුදු තමයි පෙට්.. මම ආස උනේ රතු පාටට උනාට, මම හිතුවෙ ඔයා රතු කැමේලියා මලක් කියල උනාට, ඔයාට හරියන්නෙ සුදු. මටයි  වැරදුනේ.."

ටේහ්‍යුන් එහෙම කියල සුදු පාට කැමේලියා මලකට වැටිලා තිබ්බ පිණි බිංදුවක් ඇගිල්ලෙන් බිමට වැට්ටුවා..

~

ටේහ්‍යුන් ජන්ග්කුක් වෙනුවෙන් ලස්සන කැමේලියා මල් පොකුරක් හදන දිහා ජිමින් බලාගන හිටියෙ දෙගිඩියාවෙන්. ටේහ්‍යුන් ග්ව් මූනෙ තිබ්බෙ පුදුමාකාර ලස්සන හිනාවක්..

ටේහ්‍යුන් ගෙ මේ හැසිරීම ජිමින් ගෙ හිත රිද්දුවා වගේම ලොකු කනස්සලේකට පත් කලා. ජිමින් ට ඕන උනේ පරණ ටේහ්‍යුන්ව. කිසිම දෙයක් ගනන් ගන්නැති, ඕනම දේකට මූණ දෙන්න පුලුවන්, තමන් වෙනුවෙන් ජීවත් වෙන ටේහ්‍යුන් ව ජිමින් ට ආයෙ ඕන උනත් මේ වෙද්දි ඒ ටේහ්‍යුන් ටේහ්‍යුන් ගෙන්ම හුගාක් ඈතට ගිහින් හිටියා..
_____________________________

VOLCANO✔️Where stories live. Discover now