18th~

1.3K 312 21
                                    

"ඔයා ළමයි එක්ක ට්‍රිප් එක යන්නෑ ජන්ග්කුක් !"

ටේහ්‍යුන් ස්තීර කටහඩකින් එහෙම කියද්දි ජන්ග්කුක් අඩන්න ඔන්න මෙන්න තිබ්බ ඇස් වලින් ටේහ්‍යුන් දිහා බැලුවා.. විශ්වවිද්‍යාලයෙන් යන චාරිකාව යන්න ජන්ග්කුක් හිටියෙ හුගක් ආසාවෙන්. ඒ ආසාව නිසාම මේ වෙද්දි ජන්ග්කුක් ගෙ ඇස් වල කදුලු තිබ්බා..

"එ-ඒත් ටේහ්‍යුන් මම..."

"මම කිව්වා ජන්ග්කුක් ! ඔයා ඒ චාරිකාව යන්නෙ නෑ!"

"හේතුව?"

"මම එපා කියන නිසා"

"ඔ-ඔයා එපා කියන හේතුව?"

"මම එපා කියන හේතුවම ඔයාට මදිද ජන්ග්කුක් ? ඔයාට ඒකටත් වඩා වැදගත් හේතුවක් තියනවද?"

ටේහ්‍යුන් ගෙ මූන හුගක් අදුරු වෙලා තිබුනා.. ඒ ඇස් වලින් ටේහ්‍යුන් ගෙ කේන්තියෙ තරම ජන්ග්කුක් ට හොදින්ම පෙනුන නිසා ජන්ග්කුක් තවත් මොකුත්ම නොකියා බිම බලාගත්තා..

"මම හිතනව ඔයා මම කියන දේ අහයි කියල පෙට්.."

ටේහ්‍යුන් කටහඩ ටිකක් මෘදු කරල එහෙම කියල ජන්ග්කුක් ගෙ කම්මුලක් හිමීට පිරිමැදල එතනින් යන්න ගියේ ජන්ග්කුක් කදුලු පිරුන ඇස් වලින් ටේහ්‍යුන් දිහා බලාගන ඉද්දි.. ජන්ග්කුක් ට පිටුපාලා පිටිපස්ස හැරුන ටේහ්‍යුන් ගෙ කට කොනක හිනාවක් තිබ්බා..
____________________

ජන්ග්කුක් හිටියෙ ඇදේ දිගාවෙලා සිවිලිම දිහා බලාගන. ජන්ග්කුක් හීල්ලුවා. අනිත් හැමෝම වගේ විනෝද වෙන දවසක තමන්ට මේ විදියට ඇදේ දිගාවෙලා සිවිලිම දිහා බලන් ඉන්න වුන එක ගැන ජන්ග්කුක් ඇත්තටම දුක් උනා..

"පුතා.. ජන්ග්කුක් ."

පහලින් ජොන් මහත්මියගෙ කටහඩ ඇහුනත් ජන්ග්කුක් ඒක නෑහුන ගානට කිසි හැලහොල්මනක් නැතුව එහෙමම හිටියා.. තමන්ගෙ මවට ප්‍රතිචාර දෙන්න වත් ජන්ග්කුක් ට හිතුනෙ නෑ.. ජන්ග්කුක් හිටියෙ ඒ තරමට මලානික වෙලා..

"ජන්ග්කුක්! පහලට එන්න ළමයෝ මේ රෙබෙකා ගෙ මල්ලි ඇවිත්"

ජන්ග්කුක් ටිකක් කල්පනා කලා.

රෙබෙකාගෙ මල්ලි!

ටේහ්‍යුන් !

ජන්ග්කුක් අකුනක් තරම් වේගෙන් ඇදේ ඉදගන ටික වෙලාවක් බලාගන හිටියෙ තමන්ට ඇහුන දේ ඇත්තද බොරුද කියල විශ්වාස කරන්න බැරුව වගේ.. තව තප්පර ගානක් එහෙමම ඉදගන හිටපු ජන්ග්කුක් ඇදෙන් නැගිටල එහෙමම පහලට දුවගන ගියා..

VOLCANO✔️Where stories live. Discover now