2nd~

2.1K 453 59
                                    

ජන්ග්කුක් හිටියේ තමන්ගෙ නිවසෙ උඩුමහලෙ ගරාදි වැටට හේත්තු වෙලා.. වෙනදට වඩා අද ජන්ග්කුක් ගෙ හිතේ ලොකු නොසන්සුන් කමක් තිබුනා.. කලින් දවසෙ මුලු රෑම ජන්ග්කුක් ට සුවපහසු නින්දක් ලැබුනෙ නෑ..

ඒකට හේතුව තව මාස පහකින් තමන්ගෙ විවාහය තීන්දු උන එකද එහෙමත් නැත්තම් ටේහ්‍යුන් ගෙ මූන හතර වතාවකට වඩා ජන්ග්කුක් ට හීනෙන් පෙනුන එකද කියලා ජන්ග්කුක් ට හිතාගන්න බැරිවුනා..

උදේට ජන්ග්කුක් බොන කෝපි කෝප්පෙ අතේ තියාගන ජන්ග්කුක් කල්පනා කලා.. ඇත්තටම උදේට හැමදේම ලස්සනට පෙනුනා.. චිත්‍ර ශිල්පියෙක් විදියට ජන්ග්කුක් ට හැමදේම අනිත් අයට පේනවට වඩා ලස්සනට පෙනුනා.. ජන්ග්කුක් හිටියෙ තමන්ගෙ නිවසෙ පිපිලා තිබුන එක එක පාට මල් දිහා බලාගන.. ඒවා ජොන් මහත්මිය එක්ක තමන් එකතු වෙලා හුගක් මහන්සියෙන් සාත්තු කරල හදපු මල්..

ජන්ග්කුක් ඇත්තෙන්ම මල් වවන්න ආස කලා.. ඒක ගෑණු උදවිය කරන වැඩක් කියල ජන්ග්කුක් ගෙ පියා නිතරම කිව්වත් ජන්ග්කුක් ට ඕන උනේ නෑ ඒක නතර කරන්න..

ජන්ග්කුක් ඒ මල් දිහා බලාගන කල්පනා කලා.. ඇත්තටම රෙබෙකාව විවාහ කරගන්න එකෙන්  තමන්ට සතුටක් තියෙයිද..

ජන්ග්කුක් පලවෙනි වතාවට ඒ ගැන කල්පනා කලා..

රෙබෙකා ඇත්තටම හොද කෙනෙක්...

ජන්ග්කුක් හිතුවෙ එහෙම,

ඒත් ආදරේ කියන දේ ගත්තම ජන්ග්කුක් දැනගන හිටියෙ නෑ තමන් රෙබෙකා ට ඇත්තටම ආදරේ ද කියල.. ඇත්තටම ආදරේ කියන්නෙ මොකද්ද කියල ජන්ග්කුක් ට හරි අදහසක් තිබ්බෙ නෑ...

ජන්ග්කුක් කල්පනා කලා ආදරේ කියන්නෙ මොනවගේ දෙයක්ද කියල..

ඒ එක්කම ජන්ග්කුක් ට මතක් වුනේ ටේහ්‍යුන් ගෙ ඇස්..

මේක පිස්සුවක්...

ජන්ග්කුක් තමන්ටම දොස් කියාගත්තා.. තවත් පිරිමියෙක් ගැන මේ විදියට හිතන එක උමතුවක්.. විශේෂයෙන් ම  අනාගතයේ තමන්ගේ භාර්‍යාව වෙන්න ඉන්න කෙනාගෙ සහෝදරයා ගැන..!

ජන්ග්කුක් තමන්ගෙ කෝපි කෝප්පෙ රසවිදල ඉවර වෙලා පුරුදු විදියට පින්සල අතට ගත්තත් පහලින් ඇහුන කටහඩ ජන්ග්කුක් අතට ගත්ත පින්සල ආයෙම පැත්තකින් තියන්න සැලැස්සුවා...

VOLCANO✔️Where stories live. Discover now