Season 2 - (04)

145 58 22
                                    

" තෑන්ක්ස් ඩොක්ටර් අපිට මෙහෙම උදව් කරනවට.. "

අපේ පුංචි ගෙදර ඉස්සරහා නවත්තලා තිබුණ කාර් එකට ගොඩ වුණු ඩොක්ටර් ට හිස නමන ගමන් මම ස්තූතිවන්ත උනා. ගතවුණු අවුරුදු කීපය ඇතුළත මේ තත්වෙට මට එන්න උදව් කළේ ඩොක්ටර් ජූන්.. මගෙ පුංචි පැටියව බේරගන මාව මනුස්සයෙක් විදියට ආයෙම හොඳ කරවන්න එයා ලොකු උත්සාහයක් අරගත්තා. ඒ නිසා මම ඩොක්ටර් ජූන්ට හුඟාක් ණයගැතියි...

" තව මාස කීපයකින් ඔයාට ඉස්සර හිටියා වගේම සම්පූර්ණයෙන්ම රිකවර් වෙන්න පුලුවන් . මම හිතුවට වඩා ඔයා ස්ට්‍රෝන්ග් .. "

එහෙම කිව්ව ඩොක්ටර් එයාගෙ ලස්සන ඩිම්පල් ස්මයිල් එකත් එක්කම කාර් එකට නැග්ගා .

"....... ඉස්සර හිටියා වගේම සම්පූර්ණයෙන්ම රිකවර් වෙන්න පුලුවන් ....... "

ඔව්...

ඉස්සර වගේම මට ඉන්න පුලුවන් වෙයි...

ඒත් ඔයා නැති හිස්තැන පුරවන්නෙ කොහොමද මම ?

ඔයා නැතුව ඉස්සර වගේම මම ඉන්නෙ කොහොමද ?

ඉස්සර ජීවිතේටම මම ආපහු යන්නෙ කොහොමද ?

ඩොක්ටර් ගෙ වචනත් එක්ක මම පුංචි ගේට් එක ලඟ හිටගෙනම කල්පනාවට වැටුණා...

" ඔම්මා.... "

මගෙ කල්පනාව බිඳුණේ ඔයා මට ජීවත් වෙන්න දීලා ගිය එකම බලාපොරොත්තුව මට අඬගහද්දියි..

එයා ඔයා වගේමයි ජන්කුක්.....

" ආහ් ඉන්න පැටියෝ ඔම්මා එනවා.. "

                                                                - PJM -

*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*

To be continued....

ᎠᎬᎪͲᎻ ҒᎡϴᎷ ᎽϴႮ || jikook oneshot Where stories live. Discover now