Season 2 - (05)

146 59 22
                                    

" සර් මෙන්න ඔයා ඉල්ලපු එක.. "

" තෑන්ක්ස් "

කැෂියර් එකට මුදල් ගෙව්ව ඒ පුද්ගලයා තමන් මිලදීගත්ත කවරය අරගෙන ශොප් එකෙන් එලියට බැස්සා. ඒකෙ තිබුණෙ නොපිසූ මස් රාත්තලක්. කවරයත් අරගෙනම පාරේ අඳුරු මුල්ලකට මුවා උන ඔහු අමු අමුවේම එය ගිල දමන්නට පටන් ගත්තා. උදේ ඉදන්ම ඇවිදලා ඇවිදලා මහන්සි උන ඔහු අධික කුසගින්න නිසා වියරු වැටෙන්න පටන් අරගෙන කියලා ඔහුට තේරුණා . නමුත් ප්‍රතිකාර නිසා මිනිස්සුන්ට හානියක් නොකර තමන්වම පාලනය කරගන්න ඔහුට හැකියාව තිබුණා .

කුසගින්න ඉවර වෙනවත් එක්කම ඔහු අතේ තිබ්බ කෑම එකත් ඉවර වුණා. ලේ සීරාවක් තැවරුණු තමන්ගෙ අත් දිහා ඔහු බලාගෙන හිටියේ දැඩි පිළිකුලෙන්...

" මේ ජරා ජීවිතේ කවදද ඉවර වෙන්නෙ... "

තමන් ගැනම උපන් අනුකම්පාවෙන් සහ පිළිකුලෙන් ලඟ තිබුණ බියර් කෑන් එකක් ඈතට විසි වෙන්න පයින් ගහපු ඔහු ආවේගයෙන් කෑ ගැහුවා.

" කොයි ලෝකෙන් හරි මම එයාව හොයාගන්න ඕන.... "

වෙහෙසකර ගමනකට ආයෙම මුල පුරන ගමන් අඳුරු මුල්ලෙන් ඔහු එළියට ආවා...

*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-

To be continued ...


වෝට් කමෙන්ට් කරන්න සල්ලි ගන්නෙ නැතෝ...

ᎠᎬᎪͲᎻ ҒᎡϴᎷ ᎽϴႮ || jikook oneshot Where stories live. Discover now