Season 2 - (10)

150 61 23
                                    

" ජියොන් ජන්කුක් "

ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ අවසානේ තිබුණ නම දැක්කාම එකපාරටම මම හුගාක් ශොක් උනා.

ජන්කුක්.....

දෙයියනේ මගෙ ජන්කුක් !!!

ජන්කුක් ඔයා ???

පුංචි කොළ කෑල්ල අල්ලගෙන හිටපු මගෙ ඇගිලි ගැහෙන්න පටන් ගත්තා. පුදුමාකාර වේගෙකින් මගෙ හදවත ගැහෙන්න පටන් ගනිද්දි ඔලුවෙ ඉදන් කකුල් දෙකටම යනකල් මාව සීතල වෙනවා වගේ මට දැණුනා. ඉක්මනට කැෂියර් එක ලඟ තිබුණ පුටුව උඩින් මම ඉදගත්තෙ හිටගන ඉන්න තරම් ශක්තියක් කකුල් වලට ඉතුරු වෙලා නොතිබ්බ නිසා.

මටත් නොදැනීම ඇස් වලට පිරුණු කඳුලු නිදහසේ හුගාක් වේගෙන් මගෙ කම්මුල් දිගේ පහලට ගලන්න පටන් අරගෙන තිබුණා.

" සර් ඉක්මනට බෙහෙත් ටික දෙනවද ? මට හදිස්සියි.. "

ප්‍රෙස්ක්‍රිප්ෂන් එක අරන් ආව කෙනාගෙ කටහඬින් මම පියවි සිහියට ආවා .

" ආ... අහ්.. ඔව්.. හ...හරි ඉන්න.. "

ඉක්මනට ඒකෙ තිබුණ බෙහෙත් බෑග් එකකට දාලා සල්ලි ගන්නවත් පරක්කු නොවී මම ඒක ඒ මනුස්සයට දුන්නා.

" අනේ ඔය යන තැනට මාවත් එක්කන් යන්න.. එ...ඒ මගෙ හස්බන්ඩ්.. ''

මම බොහොම අසරණව ඉල්ලුවා..

ටික වෙලාවක් මම දිහා පුදුමයෙන් බලන් හිටපු ඒ මනුස්සයා ඔලුව වනලා ඉස්සර උනා..

- PJM -



*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*

To be continued ....

ᎠᎬᎪͲᎻ ҒᎡϴᎷ ᎽϴႮ || jikook oneshot Where stories live. Discover now