Season 2 - (06)

135 56 17
                                    

" ඔම්මා ?? "

යාන්තමින් හුරතල් විදියට වචන අමුණන අපේ පැටියා මගෙ ඇස් වල පිරිලා තිබුණු කඳුළු ඒ පුංචි අත් වලින් පිහින ගමන් මගෙ මූණට එබුණා. පුංචි සිනිදු අත් මගෙ කම්මුල් උඩින් තියාගත්තු පැටියා එයාගෙ මූණ මගෙ මූණට තද කරලා හුරතල් විදියට මට තුරුළු උනා.

එයාටත් පාළු ඇති.....
හැමදාම ඔම්මා එක්ක තනියම ඉඳලා...

ඇස්පිල්ලන් ගහලා ඉක්මනට කඳුළු ටික වියලගත්තු මම අපේ පුංචි පැටියව මට තුරුල් කරගත්තා .

ගතවුණු කාලය හීනයක් වගේ.

ජන්කුක් එක්ක ආසාවෙන් ගෙවපු ජීවිතේ ආදරණීයම කාලෙත්

තත්පර , පැය , දින නොදැනී ගෙවුණු මුළු ජීවිතේම අපායක් උන කාලෙත්

ඒ වගේම දැන් ගෙවන හිස් ජීවිතෙත්....

.
.
.

පැටියට මගෙ පපුව උඩම නින්ද ගිහින් තිබුණා. අද මම මෙහෙම හරි හුස්ම ගන්නෙ එයා නිසා. ඉතින් කොහොමද මම එයාව පරිස්සම් නොකර ඉන්නෙ...

සීරුවෙන් එයාව ඇද උඩින් තියපු මම ඒ ලඟින්ම ඇල උනා. එයාට තිබ්බෙ ජන්කුක්ගෙ වගේම බෝල ඇස් දෙකක්.. පුංචි තොල් දෙක නම් රෝස පාටින් පිම්බිලා තිබුණා. අම්මගෙන් එයාට හම්බෙලා තිබුණෙ එච්චරයි . ඉතුරු ඔක්කොම එයාගෙ තාත්තගේ වගේ.

එයා ජන්කුක් වගේම දඟ කොලු පැංචෙක්..

ජන්කුක් !!!

ඔයා හොඳින්ද ඉන්නේ ?
එයාලා ඔයාව මරලා දැම්මද ?
එහෙම නෙවේ නම් ඔයා අපිව හොයාගෙන එනවා නේද ?

මම දන්නවා.. ඔයා ඉන්නව නම් අනිවාර්යයෙන්ම අපිව හොයාගෙන ඒවි..

" මට සමාවෙන්න ජන්කුක්... මම නිසයි මේ සේරම උනේ... ඔයා එදා මාව බූත් එකට දාලා වැහුවාම මට තිබුණා ඔයා එනකල් පරිස්සමින් ඉන්න... අනේ ජන්කුක් මට සමාවෙන්න ... ආපහු එන්න ! "

පුංචි අත්වලින් මගෙ කම්මුල් උඩ බොඳ වෙලා තිබුණු කඳුළු වැල් ආයෙම පාරක් අලුත් උනා.....

- PJM -

*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-

To Be Continued ...

Vote and Comment plz ❤

ᎠᎬᎪͲᎻ ҒᎡϴᎷ ᎽϴႮ || jikook oneshot Where stories live. Discover now