Season 2 - (15)

219 65 80
                                    

දෙසැම්බර් මාසය....

අවට වටපිටාවෙ තිබුණේ ඇගේ ලේ පවා ගල් කරවන තරමේ සීතලක්. නත්තල් මාසෙ නිසා සීතල හුඟාක් වැඩියි. උණුසුම රැකගන්න ජැකට්ස් දෙකක්ම දාගනයි මම හිටියේ .

ගේ ඇතුලේ තිබුණ ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකරේට් කරන්න අපේ පැටියා හරිම උනන්දුවෙන් දුවලා පැනලා උදව් කලා. පුංචි අත් වලින් දිලිසෙන තරු ගෙනත් දුන්නා. ඒ තරු වගේම එයාගෙ ඇසුත් දිලිසෙනවා.

එයා ඉපදුනාට පස්සෙ මමයි එයයි පලවෙනි වතාවට සමරන නත්තල මේක.... ජ්

අපි දෙන්න එක්ක කුකීත් හිටිය නම්....


" මේක උඩින්ම දාමු නේද ඔම්මා.. "

පැටියා ලොකුම තරුව අරගෙන ඇවිල්ලා මගෙ අත් දෙක උඩින් තිබ්බා..

" හරි පැටියෝ අපි මේක උඩින්ම දාමු හොදේ.. "

මම එයාගෙ ඔලුව අතගාලා පොඩි ඉණිමග අරගෙන උඩට නැගලා ඒ තරුව නත්තල් ගහ උඩින්ම රැඳෙව්වා. මම ඒ එක්කම පුතා දිහා හිනාවෙලා බැලුවා. එයා පුංචි අත් දෙක මිට මොළවගෙන මොනවදෝ මුමුණනවා. මම හෙමීට බිමට බැහැලා එයා ඉස්සරහින් ඉදගත්තා.

" මොනාද බබා සැන්ටගෙන් ඉල්ලුවෙ ? "

එයාගෙ කොණ්ඩෙ අතින් පැත්තකට කරලා හදන ගමන් මම ඇහුවා..

" මම ඉල්ලුවෙ අප්පව ගෙනත් දෙන්න කියලා.. "

එයා හුරතල් විදියට කියද්දි මට දිග සුසුමක් පිට උනේ ඉබේටමයි.

" අප්පා එයි පුතේ.. "

එයාගෙ හිට්ග රිද්දන්න බැරි නිසා මම එහෙම කියලා ඒ ‍රෝස සිනිදු කම්මුල් උඩින් පුංචි හාද්දක් තිබ්බා..








.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.



අවන් එකට දාලා තිබුණ ක්‍රිස්මස් ස්පෙෂල් චොක්ලට්  බ්‍රව්නීස් එක ගානට බේක් වෙද්දි මම ඒක හෙමීට අවන් එකෙන් එලියට ගත්තා. පැටියා කලින්ම නිදි. එයාව ඇහැරවන්න මට ලෝබ හිතුණා. පුදුම තරම් පාලුවක් හිතට දැනෙද්දි ඇස් වලට උනපු කඳුලු මම රහසින්ම පිහගත්තා.
.
.
.
.
.
.

රෑ දොළහෙ කණිසම වැදෙද්දි මම නත්තල් ගහ ගාව ඉදගන හොට් චොක්ලට් එකක් බොන ගමන් හිටියේ. හදිසියේම දොරට තට්ටු කරන සද්දයක් ඇහුණ නිසා මම ගැස්සිලා පුටුවෙන් නැගිට්ටා.

ᎠᎬᎪͲᎻ ҒᎡϴᎷ ᎽϴႮ || jikook oneshot Where stories live. Discover now