Season 2 - (08)

151 57 57
                                    

" ජිමින්..... දෙයියනේ ඔයා කොහෙද ? "

පාරවල් ගානේ ගෙයක් ගෙයක් ගානේ ජිමින්ව හොයමින් අහමින් ජන්කුක් හුඟාක් රස්තියාදු උනා. නගරෙන් නගරෙට ගිහින් එක එක රස්සා කරන ගමන් ජන්කුක් ජිමින්ව දිගටම හෙව්වා. ජිමින් කොයිම වෙලාවක හරි තමන්ගෙ ඇස් ඉස්සරහට එයි කියලා ජන්කුක් විශ්වාස කළා. ජන්කුක් උදේ හවස එයාට ජිමින්ව මුණගැහෙන්න කියලා ප්‍රාර්ථනා කළා..

එදා සෙනසුරාදා දවසක්...

නිවාඩු දවස නිසා ජන්කුක් උදෙන්ම එයාගෙ සුපුරුදු මෙහෙයුම ආරම්භ කළා. ටැක්සි එකක නැගලා පාරවල් ගානේ ගිය ජන්කුක් ටැක්සි එක ආපහු හරවලා යවලා පයින්ම ගමන් කරන්න හිතුවා.

තත්පර , පැය ගතවෙලා දවස හෙමින් ගෙවෙන්න පටන් ගනිද්දි ජන්කුක් ට ජිමින්ව හොයාගන්න බැරි උනා. බඩගින්න සහ පිපාසය නිසා ජන්කුක් හිටියෙ හුඟක් අපහසුවෙන්. දැඩි හිරු රශ්මිය ජන්කුක්ට නිතරම කරදර කරන්න ගත්තා..

" ජිමින්...හ්හ්... "

බංකුවක් අල්ලගෙන ඉදගත්ත ජන්කුක් හති අරින්න පටන් ගත්තා. එයාට හුඟක් මහන්සියි. ඒත් එයාට ඒක අත අරින්න බෑ. ජිමින් කියන්නෙ ජන්කුක්ගෙ ජීවිතේ.. ජිමින් තාම ඉන්නව නම් එයාලගෙ දරුවත් මේ ලෝකෙ ඉන්නවා ඇති කියන හැඟීම ජන්කුක්ව නිතරම ශක්තිමත් කළා.

දිගු සුසුමක් හෙළපු ජන්කුක් බංකුවෙන් නැගිටලා පාර දිහා බැලුවා .
ජන්කුක්ගෙ ඇස් පුදුමයෙක් විසල් උනා.. ලොකු බෝල ඇස් වල උණුසුම් කදුළු ගුලි පොරකන්න පටන් ගත්තා.

" මොකක්..... ජ්.... ජිමින් ????? "

ජන්කුක්ට දැනුනේ එයා ආයෙම හුස්ම ගන්න පටන් ගත්තා වගේ.

අන්තිමට එයා ජිමින්ව හොයාගත්තා !!

ජන්කුක් විදුලියක් වගේ ඒ පැත්තට දුවන්න පටන් ගත්තා. ජන්කුක්ට ඕන උනේ පාරෙන් එහාපැත්තෙ හිටපු ජිමින් ලගට පුලුවන් තරම් ඉක්මනින් දුවලා යන්න..

ජිමින්ව හයියෙන් වැලදගන්න..
කෑ ගහලා අඬන්න...
ජන්කුක්ට කොච්චර පාලුයිද කියලා කියන්න..
නොමැරී මැරුණු විදිය කියන්න..
පුංචි පැටියගෙන් අප්පා කියලා අහගන්න...

ඇස් වලින් නොනැවතී ගලන කදුලු පිහදාන ගමන් ජන්කුක් පිස්සෙක් වගේ පාර පැත්තට දිව්වා...

" ජිමින්න්න්න්....... "

ඩෝංං !!!! 💥💥

ජන්කුක් ගෙ කෑ ගැහිල්ල පරදවමින් පාරෙ ආපු ට්‍රක් එකක් ජන්කුක්ව හප්පගෙන වේගෙන් යන්න ගියා..

ට්‍රක් එකේ වැදුණු වේගෙට ඈතට විසිවෙලා ගිය ජන්කුක් අප්‍රාණිකව බිම ඇදවැටුණා .

මළාණික උන ඇස් ඉබේම පියවිලා යද්දි පිපාසිතව සුදුමැලි වෙලා තිබ්බ ජන්කුක්ගෙ දෙතොල් නිහඬවම යමක් මිමිණුවා..

" ජිමින්.... මං ආදරෙයි  !!! "

*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*

To be continued ...

අදට මෙච්චරයි ...

මීට ;
බැනුම් ඇසීමට නියමිත දුස්ට ඕතරී.. 😌



ᎠᎬᎪͲᎻ ҒᎡϴᎷ ᎽϴႮ || jikook oneshot Where stories live. Discover now