Season 2 - (13)

137 50 8
                                    

විදුලියෙන් ආයෙම හදගැස්ම පණගන්වන්න උත්සාහ කරන ජන්කුක්ගෙ මලාණික ශරීරය දිහා මම වීදුරු දොරට එහාපැත්තෙ ඉදන් බලාගන හිටියේ දරාගන්න බැරි තරම් වේදනාවකින්. ඇස් වලින් හෝ ගාලා ගලන කඳුළු පිහදාගන්නවත් මට මතක් උනේ නෑ.

" දෙවනි පාර ට්‍රයි කරන්න ! "

ඇතුළෙ හිටපු ඩොක්ටර් දෙවනි වතාවට අණ කරද්දි මගෙ මුළු හිතම හිරිවැටිලා ගියා .

දෙයියනේ ජන්කුක්ට හුඟක් රිදෙනවා ඇති ...

අවුරුදු ගාණක් මම ඔයාව දකින්න කොයිතරම් බලාපොරොත්තු තියාගන උන්නද ජන්කුක් ...

ඇයි මේ විදියට මං ඉස්සරහට ආවෙ..

මෙහෙම ඇවිල්ලා මාව දාලා යන්නෙ කොහොමද ඔයා ??

දෙවනි වතාවටත් මැශින් එක පණගන්වලා ජන්කුක්ගෙ පපුවට තෙරපවද්දි වීදුරු දොරට හේත්තු වීගනම මම බිම වාඩිවුණා..

" ප්ලීස්... ජන්කුක්ව බේරලා දෙන්න... "

හැමදාම අපේ දෛවයට අකාරුණික උන දෙවියන්ගෙන් මම ආයෙම ඉල්ලුවෙ මට වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා . මේ වතාවෙනම් ඒක එයා අහන්නම ඕනෙ..

" දෙවනි ශොක් එකත් යූස්ලස්... සෝ... රෙඩි ෆො ද ෆයිනල් වන්... "

ඩොක්ටර් එහෙම කිව්වා.

මට මතක තිබුණෙ එච්චරයි ......

  *-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-

To be continued ....

ᎠᎬᎪͲᎻ ҒᎡϴᎷ ᎽϴႮ || jikook oneshot Where stories live. Discover now