Season 2 - (14)

127 47 15
                                    

තද ඔළුවෙ කැක්කුමක් එක්ක සැර බෙහෙත් ගදක් දැනුන නිසා මම හෙමින් ඇස් ඇරියා. මම හිටියේ හොස්පිට්ල් එකේ ඇඳක් උඩ. සිද්ධ උනේ මොනවද කියලා හරියට මතක් කරගන්න මට ටික වෙලාවක් ගතවුණා. හැමදේම සිතුවම් පටයක් වගේ මගෙ මතකයෙ එකින් එක ඇඳෙද්දි   මම ඉක්මනට ඇදෙන් ඉදගත්තා .

" ජන්කුක් !!! "

මම ඇඳෙන් බැහැලා ජන්කුක්ට ට්‍රීට් කරපු වෝඩ් එක දිහාට දිව්වෙ අවට කිසිම දෙයක් ගැන නොහිතා.

වෝඩ් එකට ගියත් ජන්කුක්ව දකින්න හම්බුණේ නෑ. ජන්කුක්ව හොයමින් මගෙ ඇස් මුළු වාට්ටුව පුරාම දිව්වා. නන්නාදුනන බයක් අලුතින් හිතට ඇතුල් වෙද්දි මම ඩොක්ටර් කෙනෙක් හොයන්න ඉක්මනින් දිව්වා.

" ඩොක්ටර් , කෝ අර ICU එකේ හිටපු ජොන් ජන්කුක් ? "

අතරමගදි හම්බුණ ඩොක්ටර් කෙනෙක්ට කතා කරලා මම ඇහුවා..

" ආහ්... ජොන් ජන්කුක්.... අර ඩීෆිබ්‍රිලේෂන් කරපු පේෂන්ට් ගැනද ඔය අහන්නෙ ? "

" ඔව් ඩොක්ටර් එයා තමයි ... "

මම බලාපොරොත්තු පිරුණු කටහඩකින් කිව්වා.

" ආහ්.. එතකොට ඔයා එයාගෙ කවුද ? "

ඩොක්ටර් ඇහුවා.

" අනේ ඩොක්ටර් ඒ මගෙ හස්බන්ඩ් . ප්ලීස් එයා කොහෙද කියන්න. මාව බය කරන්න එපා.. "

ජන්කුක් ඉන්න තැන තාමත් නොකිව්ව එක ගැන මම හිටියෙ තරහින් වගේම බයෙන්.
ඩොක්ටර් ටික වෙලාවක් කල්පනා කළා. ඒ තත්‍පර ගාණ මට දැණුනෙ කල්පයක් වගේ...

" අයිම් සොරි මිස්ටර්... මේ... ජොන් ජන්කුක්....

*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*

To be continued ...

Vote and comment plz ❤🧚

ᎠᎬᎪͲᎻ ҒᎡϴᎷ ᎽϴႮ || jikook oneshot Where stories live. Discover now