Chapter 1 💭

4.3K 488 80
                                    

Call Me Daddy 💰💸

Chapter 1
~ It's disgusting ~




මං ෂැංහයි වලට ඇවිත් දවස් දෙකයි තාම.... මගෙ පවුලේ අය වගේම අපේ ගෙවල් තියෙන්නේ හූනාන් වල.. ෂැංහයි වල University එකට මාව select උන නිසා පපා මට මෙහෙ බෝයිස්ලා ඉන්න ඇනෙක්ස් එකක් බැලුවා.....

ඇනෙක්ස් එකේ රූම් 5ක් තිබ්බා... සමහර රූම් වල දෙන්නා දෙන්නාත් හිටියත් මට පපා අරන් දුන්නේ තනියෙන් ඉන්න රූම් එකක්....  අද මං මෙහෙට ඇවිත්  දෙවනි දවස වගේම යුනි යන පලවෙනි දවස...

අපේ බැජ් එකේ Freshers day එක පවා ඉවර වෙලා තිබ්බා.. මං අසනීපෙන් හිටපු නිසා පපා ඒක ඉන්ෆෝම් කරා... මගෙ පපා හූනාන් වල කොලේජ් එකක ප්‍රින්සිපල් වගේම අම්මා ඒ කොලේජ් එකේම මැත්ස් ටීචර් කෙනෙක්... මම පවුලේ එකා යකා...

ඇනෙක්ස් එකේ ඉදන් යුනි එකට ලොකු දුරක් නෑ... හැබැයි පයින් යන්න ඕනෙ ෂැංහයි ටවුන් එක පාස් කරලා.... මං ඇනෙක්ස් එකේ පාරෙන් ඇවිත් ටවුන් එක පාස් කරලා ටික දුරක් යද්දි වහලා තිබ්බ කඩ පේලියක පිටිපස්ස දැක්කා.... එතන මනුස්සයෙක් කටින් ලේ පෙරාගෙන වැටිලා ඉද්දි මං එතනම ගල් ගැහිලා නැවතුනා.... මං ගොඩක් බයයි ඔහොම මිනිස්සුව දකින්න.....ඒත් මං එයා ගාවට ගියේ එයාට පුළුවන් උදව්වක් කරන්න හිතාගෙන....

ඒත් මං එයා ගාවට ගියේ එයාට පුළුවන් උදව්වක් කරන්න හිතාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



"හලෝ... මේ ඔයාට මොකද උනේ? මං පොලිසියට inform කරන්නද ?...."

"එ...පා එපා... ඔ..යා  යන්..න.."



එයා මට ගොත ගගහා කියද්දි එයාගෙ මූණට නැවිලා හිටපු මම ආයෙත් ඉස්සුනා... මම පිටිපස්ස හැරිලා යන්න හදද්දි මගෙ පිටිපස්සෙ හිටියේ පිරිමි කෙනෙක්.. එහෙම කිව්වාට තරුණ කොල්ලෙක්....

Call Me DADDY 💰💸 ✔️Where stories live. Discover now