Chapter 10 💭

1.7K 414 47
                                    

Call Me Daddy 💰💸

Chapter 10 💭
~ Accident or Murder ~


මට ඉස්සරහාට ඇවිදගෙන යන්නවත් ශක්තියක් තිබ්බෙ නැති තරම්... මේක හීනයක් වගේ.. ඒත් යිබෝ එයාගෙ අත් වලින් මගෙ ඉන දෙපැත්ත මිරිකගෙන අල්ලගෙන ඉද්දි මාව නිකන්ම ඉස්සරහාට තල්ලු වෙලා ගියා....

"යි...යිබෝ ! "

" You must be strong babe..."

මං බෙල්ල හරවලා එයා දිහා බලන් කියද්දි එයාගෙ වචන වලට මාව ගොලු උනා... එයාගෙ ඇස් වල කිසිම කණගාටුවක් තිබ්බේ නෑ මැරිලා ඉන්නේ එයාලගෙ faculty එකේ කෙනෙක් කියලා වත්...

මොකක් නිසාද මන්දා මට දැනුනේ වරදකාරී හැගීමක්... ඒ ඇයි ? Jingyi කියන්නෙ ඊයේ මාව රැග් එක වෙලාවෙදි බලෙන් කිස් කරන්න හදපු කෙනා.. මං ඒක මතක් කර කර හිතින් කොච්චර දුක් වුනාද... ඒත් මං කවදාවත් එයාගෙ මරණය ප්‍රාර්ථනා කලේ නැතිකොට ඒත් එයා දැන් මැරිලා....

"මට පුළුවන් තනියම ඇවිදින්න..."

"ඕකේ බබා..."

යිබෝ මාව හෙමින් අතෑරියා... මං ඉස්සරහාට ඇවිදන් යද්දි මට තේරුනා යිබෝ මාව වැටෙයි කියලා පිටිපස්සෙන් කල්පනාවෙන් එනවා කියලා...

මං දැක්කා ගොඩක් අය කලු ඇදගෙන ඉන්නවා... ඒ මෙතන මරණයක් නිසා... එහෙම කට්ටියක් අතරින් ඇවිදන් යද්දි මාවයි යිබෝවයි කැපිලා පෙනුනා.. මං ඇදන් හිටියේ ඩෙනිම් ෂර්ට් එකක්....  ඒකත් යිබෝගෙ එකක්.. මොකද මගෙ ඇදුම් තිබ්බෙ මගෙ ඇනෙක්ස් එකේ නෙහ්........

අපේ 1st year සෙට් එකක් ගාවට මං ගිහින් හිටගනිද්දි එයාලා අතරේ තිබ්බ කසුකුසුව නැතිවෙලා ගියා... එහෙම උනේ මං ආපු නිසා නෙවෙයි මගෙ පිටිපස්සෙන් ආපු කෙනා නිසා කියලා මට තේරුනා... යිබෝ බලන් ඉද්දි එයාලා වචනයක් වත් කතා නොකරන ගොලුවෝ වගේ හිටියා...  ඒ ලමයින්ව අපහසුතාවයට පත් කරන්න බැරි නිසා මං යිබෝගේ පැත්ත හැරුනා....

" Senior Wang ! මට මෙතන ඉතින් තනියම පුළුවන්... ඔයාට පුළුවන් ඔයාගෙ අය ගාවට යන්න.."

මං ගරුත්වයක් පෙන්නලා කිව්වෙ මේක Uni එක නිසා.. මොකද ඇස් කන් ඇරන් අපේ උන් ඉන්න නිසා.. එයා හිමින් ඔලුව වනලා මගෙ අතින් ඇල්ලුවා..  මගෙ කන දිගේ රත් වෙලා ලැජ්ජාව ගලාගෙන ආවේ මූණට.. මොකද හැමෝගෙම ඇස් තිබ්බෙ අපේ ගාව නතර වෙලා.....

Call Me DADDY 💰💸 ✔️Where stories live. Discover now