Chapter 4 💭

1.9K 452 146
                                    

Call Me Daddy 💰💸

Chapter 4
~ um your daddy~


මං වෙනදාට වඩා වේලාසින් නැගිටලා යුනි එකට යන්න පිටත්වුනා... මගෙ මුලු හිතම තිබ්බේ පිරිලා.. එදා යිබෝව මුලින්ම දැක්ක දවස මට මතක් උනේ එතන පාස් වෙද්දි....

පාතාලයෙක් වගේ රණ්ඩු වෙවී ශෝට් එකකට කහපාට ආම් කට් එකක් ඇදගෙන ඉදලා අන්තිමට මගෙ හිතත් හොරකම් කරගෙන ගිය හැටි මට මතක් වෙද්දි ඒ ඇස් වල තිබුණ බැල්ම මට මතක් උනා... අන්තිමට මං එතනින් එද්දි එයා එතන එයාගෙ ඇසිස්ටන් ට කිව්ව දේ....

"මට එයාව ඕනෙ..."

එයා අණ කලා වගේ උනත් එයාම මාව හොයාගෙන ආවා... ඊයේ රෑ උනත් එයා වෙන කොහෙවත් පොඩි ගමනක් නෙවේ ගියෙ... ඒ වැස්සේ තෙමි තෙමී උනත් හිටියේ මාව බලන්න ඕනකමට... ඒ පාතාල හිතේ මට කැමැත්තක් ඇති වෙලා තියෙන්නෙ මොකක් නිසාද කියලා වත් මට තේරෙන් නෑ......

මම තාම යුනි එකේ 1st year... එයා ඇත්තටම මොනවා කරන කෙනෙක් ද එයා මට වඩා වැඩිමල් ද? මම කිසිම දෙයක් දන්නේ නෑ... මං දන්න එකම දේ පිස්සු වැටෙන මූණක් තියෙන ආඩම්බරකාර පාතාලයා මට කැමතියි කියලා විතරයි.... ඒ ඇති කියලා මට හිතුනා...

මං ඉතින් උදේම තිබ්බ ලෙක්චර් එකට යද්දි සුපුරුදු පරිදි Angel ඇස් කරකව කරකව මං එනකන් මග බලන් හිටියා... මාත් එක්ක ඉන්නකොට එයත් කොල්ලෙක් කියලා හිතන් එයා හැමතිස්සෙම හැසිරෙද්දි මට දැන්නේ පහසුවක්..... එයා ඇත්තටම ලස්සනට ඇන්දා... මේකප් කලා... Heavy නෙවේ just simple.. මොකද අපේ රැග් සීසන් නිසා ඒ දේවල් ලොකුවට ෆෝකස් කරන්න බෑ....

"Zhan... ඇති යාන්තම් ඔයා ආවා....."

"..."

" Good morning Angel... මං ඉක්මනට ආවා.. "

"Good Morning Zhan..."

අපි දෙන්නාට වැඩිවෙලා කතා කරන්න හම්බුනේ නෑ.. Professor ආවා... ඉස්සරහා row එකේ ලමයි කතා වෙනවා ඇහුනා මේ professor වෙනදාට හැමදාම පරක්කු වෙනවා කියලා.....

Professor තරුණ කෙනෙක්.... හැමදේම හොදට explain කරන නිසා මට නින්ද ගියේ නෑ.. ඒත් කොච්චර හොදට explain කරත් Angel නම් ලෙක්චර් එකේ බාගයක් යද්දිම නිදිකිරා වැටුනා..

Call Me DADDY 💰💸 ✔️Donde viven las historias. Descúbrelo ahora