Chapter 3 💭

2K 460 80
                                    

Call Me Daddy 💰💸

Chapter 3
~ Attention ~

පාතාලයා මගෙ හිතට මොකක් හරි කරලා ගියා.. මං මගෙ රූම් එකට ආවත් මට මතක් උනේ ඒකාව.. එයා අන්තිමට ඇහැක් ගහපු විදිහ මතක් වෙලා මගෙ අත් වලින් ඇස් වහගෙන ඇඹරි ඇඹරි තනියම හිනා උනා...

මටයි කියලා මහලොකු වැඩක් නැතිකොට මං කලේ රෑ වෙනකන් ලැප් එක දාගෙන ෆිල්ම් එකක් බලපු එක.. මෙහෙ කිචන් එකක් තිබ්බාට උයන්න කවුරුත් නැති නිසා කොල්ලෝ ඔක්කොමලා කෑවේ එලියෙන්.. අපේ ඇනෙක්ස් එකට මීටර් 100ක් වගේ දුරකින් කෑම කඩයක් තිබුනා....

මට තමා අනික් පිරිමි ලමයි ලොකුවට ෆිට් එකක් නෑ හැබැයි ඒ හැමෝම මාත් එක්ක friendly විදිහට හිනා උනා.. සමහර රූම් වල පිරිමි ලමයි දෙන්නා දෙන්නාත් හිටියා... ඒ අතරින් මට දෙන්නෙක් හොදට නෝට් උනා... ඒ දෙන්නා කපල් එකක් කියලා මට ෂුවර්... මට ඒ වගේ අත්දැකීම් නෑ... ඒ දෙන්නාව දකිද්දි අමුතු හිරියක් මගෙ ඇග පුරාම ගලාගෙන එද්දි මට මොන මගුලටද මන්දා මතක් උනේ පාතාලයාව....

මං රෑ 8ට විතර වොලට් එකයි ෆෝන් එකයි අරගෙන එලියට බහින්න හදද්දි වැහිපොද වැටෙන්න ගත්තා.. මං ආයෙත් රූම් එකට ගිහින් මගෙ multicolors කුඩේ අරගෙන දිගෑරගෙන කඩේ දිහාට ඇවිදගෙන ගියා..... මං මික්ස් රයිස් එකක් අරගෙන එක අතකින් කුඩේ අල්ලන් ආවත් බිම තිබ්බ වතුර වලට මගෙ කකුල් තෙමිලා ගියා.....

ටික දුරක් එද්දි සයිලන්සර් එක පුස් කාලා වගේ සද්දයක් තියෙන බයික් එකක් මාව පාස් කරලා ගියේ වතුර පාර මගෙ කකුල් වලට අල්ලලා.. කියන්න කටට කුනුහර්පයක් ආවත් මගෙ ඉස්සරහා නැවැත්තුව බයික් එක දැකලා මට හික් ගෑවුනා...

"වන්ග් යිබෝ...."

මගෙ ලිප් රීඩින් එකෙන් මිනිහා මං එයාව අදුරගත්තා කියලා තේරුනේ කට කොනින් හිනාවක් මං දිහා බලාගෙන දාපු නිසයි.. කුඩෙත් විසිකරගෙන හරි දුවලා යන්න ඕන උනත් මගෙ කකුල් අඩියක් වත් එසවෙන්නෙ නැති වෙන්න එතන බදාම දාලා තිබ්බා... පාතාලයා බයික් එකෙන් බැහැලා මං ගාවට ඇවිදන් ආවේ ෆ්ල්ම් එකක කොල්ලෙක් වැස්සෙ තෙමි තෙමී කෙල්ලෙක්ව බලන්න එනවා වගේ.....
ආහ්... පිස්සු ද මං එලකිරි කොල්ලෙක් හරිද!!

Call Me DADDY 💰💸 ✔️Where stories live. Discover now