Chapter 9 💭

1.7K 415 59
                                    

Call Me Daddy 💰💸

Chapter 9
~ You don't know ~


යිබෝ අත්දෙක බැදගෙන අපි දිහා බලාගෙන හිටියා.. ඇත්තට ඒ වෙලාවේ එයාගෙ මූණෙ තිබ්බ ඒ බැල්ම වචනයෙන් විස්තර කරන්නත් මට සෑහෙන්න අමාරුයි... යිබෝව දැක්ක ගමන් angel ඇදේ මං ලගින් නැගිටිද්දි යිබෝට පේන්නව ඒකිගෙ අතින් අල්ලන් මං ඇදේ ඉන්දෙව්වා....

කරකියාගන්න දෙයක් නැති වෙච්ච angel  බිම බලාගනිද්දි යිබෝගේ මූණෙ අර බැල්මෙ අඩුවක් නම් උනේ නෑ.... Angel මගෙ අත ගලවගත්තේ හදිස්සියට වගේ යිබෝ දිහා ඇස් කොනිනුත් බලලා..

" Angel ඔයාට ආන්ටි කතා කරනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" Angel ඔයාට ආන්ටි කතා කරනවා.. පහලට යන්න...."

"හරි ගගා..."

වචනයක් වත් මට කිව්වෙ නැති angel ඇදෙන් නැගිට්ටේ දනිපනි ගාලා... මං දන්නවා දැන් මාව ගිරයට අහු වුන පුවක් ගෙඩියක් වෙනවා කියලා... Angel ට කතා කරපු අම්මෙක් නෑ කියලා මං වගේම ඒකිටත් හොදට තේරෙද්දි වචනයක් වත් නොකියපු එයා කාමරෙන් එලියට ගියෙ යිබෝ ඇතුලට එද්දි දොරත් වහගෙන......

මං ඉදන් ඉන්න විදිහටම ඉස්සරහා බලාගෙන හිටියේ යිබෝ දිහා ඇස් කොනින් වත් නොබලා.. මං බලාපොරොත්තු වුනේ ඇදේ එහා පැත්තේ ඉදන් මං කරපු වැරදි වලට දීර්ඝ දේශනයක් අහන්න උනත් සිද්ධ වුනේ හිතුවෙ වත් නැති දෙයක්......

Prince Charming  මගෙ ලග බිම දණින් වැටුනා...

මං බයවෙලා එයා දිහා බැලුවෙ කටින් වචනයක් වත් කියාගන්න බැරුව ගොත ගැහෙද්දි.. යිබෝ මගෙ දකුණු අත එයා ගාවට අරන් සිනිදුවට පිරිමදිද්දි මං තවත් පුදුම වෙලා බලාගෙන හිටියා....

"බබා.... මාව දාලා පැනලා යන්න හිතුවද ම්ම්ම් ? "

යිබෝ අහද්දි මං නිරුත්තර වුනා.. එයාව දාලා පැනලා යන්නටත් වැඩියෙන් මට ඕන උනේ shanghai ආයෙ නොදැක ඉන්න... ඒත් යිබෝ මගෙ දිහා උත්තරයක් බලාපොරොත්තුවෙන් බලාගෙන ඉද්දි මට ගොලුවෙක් වෙලා ඉන්න බැරි උනා.....

Call Me DADDY 💰💸 ✔️Where stories live. Discover now