Chapter 11 💭

1.8K 410 61
                                    

Call Me Daddy 💰💸

Chapter 11 💭
~ I Can kill, It's for you ~

මිනිස්සු දෙන්නා උන්ගේ කාමරයක් වගේ යිබෝගේ වචන වලට ඔලුව නව නවා වැඩ කරද්දි මං පිට එකා වගේ බිම ඉදගෙන ඒ දිහා හිස් බැල්මෙන් බලාගෙන හිටියා... අන්තිමට පැය බාගෙකින් උන් මගෙ රූම් එකේ නටල නටලා පිටවෙලා ගියාට පස්සේ මං යිබෝ දිහා බැලුවෙ එයාගෙ විකාර ඉවරද කියලා බැල්මකින්...

"Zhan ! මගෙ ලගට එන්න.."

"........."

"එන්න...."

"........"

"කනපලාගන්නෙ නැතුව ඇවිත් ඉදගන්නවා මෙතනින් ! "

එයාගෙ සද්දෙත් එක්ක ඒකටම හරියන බැල්මකින් මට කියද්දි මං බිමින් නැගිටලා ගිහින් ඇදේ කොනක වාඩි වුනා.... එයාගෙ expensive perfume එකේ සුවද මගෙ නාස්පුඩු කඩාගෙන ඇබ්සෝබ් වෙද්දි යිබෝ මගෙ ලගට ඇදිලා ආවා....

"මගෙ Zhanzhan ! ඔයා ඇයි මේ වෙනස් වෙලා ? ඔයාගෙ හිත වෙනස් වෙලාද මං ගැන ? "

"යිබෝ ! "

"ඔයා මගෙ විතරයි බබා... ඔයා ඒක හොදට මතක තියාගන්න..."

යිබෝ එයාගේ නහය මගෙ බෙල්ල පුරාම ඇතිල්ලුවේ ඉව අල්ලන ගමන්.... එයාගෙ උණුසුම් සුසුම් මගෙ බෙල්ල කිතිකවද්දි මං ඉබේම සතෙක් වගේ හීලෑ වුනා.. ඔව් මං එයාට submissive උනා...

"ඔයා මට බොරු කියන් නෑ නේද යිබෝ? "

"හිතන්නවත් එපා ! "

" ඔයා මට ඇත්තටම ආදරෙයි ද? "

"දැක්ක වෙලාවෙ ඉදන්ම පැටියෝ..."

"ජින්ගි මැරුනේ කොහොමද? "

" Zhannnn !!! "

යිබෝගෙ කේන්තියෙන් කෑගැහිල්ලත් එක්ක මං එතනින් නැගිටලා බාත්රූම් එකට රිංගගත්තා.... පැයක් විතර මං ඇතුලේ හිටියේ මගෙ හැගීම් දියකරලා යවන ගමන්... මං හිතේ තියන දුක ඉවර වෙනකන් ඇඩුවා...... හයියෙන් කැගගහා ඇඩුවා...

මං බාත්රූම් එකෙන් එලියට ආවේ යිබෝ මාව බලාපොරොත්තුවෙන් ඉදියි කියලා උනත් එයා පේන්න හිටියේ නෑ... ඒ වෙනුවට ලොකු චොක්ලට් පාර්සල් එකක් තිබ්බා... මං එතනට ලං වෙද්දි දැක්කේ ඒ එක්කම තියෙන චිට් එකක්....

Call Me DADDY 💰💸 ✔️Where stories live. Discover now