Chapter 15 💭

1.4K 375 73
                                    

Call Me Daddy 💰💸
.
.
.
Chapter 15 💭
~ With My Broken Heart ~




මං ඇස් අරිනකොට හිටියේ ඇදේ දිගා වෙලා... මාව කවුරුහරි ඇද උඩින් තියලා... මොකද මට මතක මං හිතේ වේදනාව හිර කරන් ඉදලා මගෙ ඇස් ඉස්සරහා හැමදේම කලු වෙනවා විතරයි... සමහරවිට ගේ කපල් එකේ මගෙ ෆිට් එක මාව බලන්න එන්න ඇති...

ඒත් අහන්න කවුරුත් හිටියේ නෑ ඇස් අරිද්දි ජනේලේ කර්ටන් එක අස්සෙන් ඉර එලියත් ලාවට වැටිලා තිබ්බා... මං ෆෝන් එකෙන් වෙලාව බලද්දි උදේ ලෙක්චර් එක මිස් වෙලා... මට නැගිටගන්නවත් පණක්  තිබ්බෙ නෑ... අඩලා අඩලා මං හිටියේ හෙම්බත් වෙලා...

මං ඊලග ලෙක් එකටවත් යන්න හිතාගෙන වොෂ් එකක් දාගෙන ලෑස්ති වුනා... මං ඇනෙක්ස් එක ගාව පාර දිගේ පයින්ම ගියේ ටවුන් එක දිහාට... වෙනදට නම් මං යන්නේ යිබෝගේ දඩුමොණරේ එල්ලිලා එයාව බදාගෙන... ඒත් අද??

යිබෝ.... එයා මේ වෙලාවේ මොනවා කරනවා ඇතිද? ඊයේ එයාට මොනවා වෙන්න ඇතිද? මට අන්තිමට පාරට එයා හිටපු විදිහ මතක් වෙලා ආයෙමත් ඇස් වල කදුලු පිරීගෙන එද්දි මගෙ පාතාලයාව ඉස්සල්ලාම දැක්ක තැන මං පාස් කරගෙන යන ගමන් හිටියේ.....

එයා ඇදලා හිටපු ආම් කට් තද කහ පාට ටී ෂර්ට් එක මට මැවිලා පෙනුනා... දුඹුරු පාට අකීකරු කොන්ඩෙ වනන ගමන් දිලිසෙන ඇස් වලින් මගෙ දිහා බලපු හැටි.... යන්න ගිය මගෙ කකුල් එතන නතර උනේ එයා බලන් ඉන්නවා මැවි මැවී මට පෙනෙද්දි...

"ඩැඩී... එදා අපි හමුනොවුනා නම්, මේ කිසි දෙයක් නෑ..."

මගෙ ඇස් වලින් කදුලු කඩන් වැටුනේ අඩන තරගයක් තිබ්බා නම් මං ෂුවර් එකටම පලවෙනියා වෙන ගමන්.. මං එතනින් කැබ් එකක් දාගෙන යුනි එකට ආවේ ඒන්ජල් ට කෝල් කරන ගමන්... ඒත් ඒකි කෝල් එක ආන්සර් කෙරුවේ නෑ... ඒ වෙලාව පලවෙනි ලෙක් එක ඉවර වෙලා අපි උදේට කැෆටේරියා එකේ ඉන්න වෙලාව....

මං යුනි එක ගාවින් බහිද්දි වෙනදාට දැක්කත් හිත පිරෙන Shanghai University එක අද මට පෙනුනේ හත් දවස ඉවර උන මල ගමක් වගේ... ඒ තරම් මුස්පේන්තුයි වගේ.... ඒ මගෙ යිබෝ මගෙ පිටිපස්සෙන් නැට්ට වගේ නැති නිසාද....

Call Me DADDY 💰💸 ✔️Where stories live. Discover now