Chapter 2 💭

2K 476 68
                                    

Call Me Daddy 💰💸

Chapter 2
~ Unbroken Promise ~


මං හොද හුස්මක් උඩට අරගෙන වටපිට නොබලා දණහිස් වලින් නැමුනා... මං අත් දෙක ඔලුව දෙපැත්තෙන් තියාගෙන ඉස්සරහා බලාගෙන එක අඩියක් පැන්නා.... ඒත් එක්කම මට ඇහුනා පිටිපස්සෙන් හිනා හඩක්.......

මං ඒවා ගනන් නොගෙන ගහ ගාවට වෙනකන් පැනගෙන ගියා.. මාව පාස් කරන කෙල්ලෝ එහෙම හිනා වෙවී මං දිහා බැලුවා.... මං ඒ කාවවත් දැක්කේ නෑ වගේ දිගටම පැනගෙන ගිහින් මගෙ දිනුම් කනුව ගාවට ආවා....මං එතනට ගිහින් නැගිටලා හති අරිද්දි මට ආයෙත් සින්නාගෙ කටහඩ ඇහුනා...

"වැඩේ සම්පූර්ණ කරහන්... කොස්සක් ඉතුරු කරන්න එපා කිසි දේක... ආපහු මෙතනට වරෙන් පැන පැන..... Haha....."

උන්ට ආතල් ඉතින්.... වවුලගෙ මගුල් ගෙදර ගියා නම් ඒ වගේ ඉන්න ඕන නිසා මං වටපිට අවශේෂ ශබ්ද ‍රස ගන්ධ වලට ඇහුන්කන් නොදී හාවෝ පැන පැන සින්නා ගාවට ආවා.........

 වවුලගෙ මගුල් ගෙදර ගියා නම් ඒ වගේ ඉන්න ඕන නිසා මං වටපිට අවශේෂ ශබ්ද ‍රස ගන්ධ වලට ඇහුන්කන් නොදී හාවෝ පැන පැන සින්නා ගාවට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"ආහ් උබ මරු... දැන් ගිහින් කාපන්....."

මගෙ කකුල් දෙකත් හිරිවැටිලා තියෙද්දි අමාරුවෙන් නැගිට්ටා.... ආයෙ තව රැග් එකක් කන්න කලින් මං කැෆටේරියා එක ඇතුලට දුවගෙන ගියා.. Angel මේසයක් ගාවට වෙලා මං එනකන් බලාගෙන හිටියා... මං ආවහම එයත් පුටුවක් පිටිපස්සට කරලා ඉදගත්තා..

අපි දෙන්නාටම හිනා ඉතින් රැග් වලට... එයාට පොඩි කාලේ පපා, මමා ගැහුවාම පොඩි ලමයි අඩන විදිහට දුක කිය කිය කෑගහ ගහ අඩන්න කිව්වාලු... මට ඒක මිස් උනා හාවෝ පනින්න උන නිසා අපරාදෙ...Haha..

"අද 4th year අය නෑ වගේ..... වෙනදාට මේ ඩ්‍රාමා ඔක්කොම හිනා වෙවී බලන්නේ එයාලානෙහ්.."

Call Me DADDY 💰💸 ✔️Where stories live. Discover now