Chapter 5 💭

1.8K 445 77
                                    

Call Me Daddy 💰💸

Chapter 5 💭
~ Can't without you~

යිබෝගේ උරහිසෙන් අල්ලගන්නෙ නැතුව ඉන්න මං ගොඩක් ට්‍රයි කලා.. මං එයාව අල්ලගන්නේ නෑ කියලා තේරෙන වාරයක් ගානේ side mirror එකෙන් බල බල එයා කරේ බ්‍රේක් අල්ලපු එක.... ඒ හැමතිස්සෙම මගෙ පපුව ගිහින් එයාගේ පිටට තද උනා... එයාගෙ මූණෙ එතකොට තිබ්බ නෝටි බැල්ම මං mirror එකෙන් දැක්කා.....

" Zhanzhan.... "

එයා කතා කලේ මට බයික් එක හොදටම ස්ලෝ කරලා... ඒත් එයා පිටිපස්ස හැරිලා මගෙ දිහා බලන්නේ නැති නිසා මං කතා පෙට්ටිය වහගෙන හිටියා...

" Zhanzhan ?? ඇහෙන් නැද්ද?..."

"..."

" ඇහෙනවා ඇහෙනවා... කියන්න ඉතින්...."

මං ඕනාවට එපාවට අහක බලාගෙන කියද්දි එයා side mirror එක අතින් හදනගමන් මගෙ දිහා බැලුවා...

"මෙන්න මෙහෙම අල්ලගන්න...."

පාතාලයා මගෙ අත් දෙක එයාගේ වටෙන් දාලා මගෙ අත් දෙක හිර කරලා අල්ලගත්තා....

"බයික් එක අතෑරලා යන්නේ කොහොමද? මට බෑ මැරෙන්න...!!!!.."

එයා එයාගෙ අත් වලින් එයාගෙ ඇග වටේ දාගත්ත මගෙ අත් අල්ලන් ඉද්දි මට බයටම කෑගැහුනා.. එයා හිටියේ බයික් එක අතෑරලා... ඇත්තටම මෙහෙම ගිහින් කොහෙහරි වද්දගනී කියලා මට දැනුනේ බයක්...

" මං හොද Rider කෙනෙක් Zhanzhan.. ඔයාට බය වෙන්න කිසිම හේතුවක් නෑ...."

යිබෝ mirror එකෙන් මං දිහා බල බලා කියද්දි මං ඒ අත් ගලවගන්න හැදුවා.. එයා කලේ ඒ වෙනුවට තව තවත් තද කරපු එක.....

"දගලන්න එපා බබා... ඔහොම අල්ලන් ඉන්න... අත් ගත්තොත් මං බයික් එක අතාරිනවා හැබැයි..."

යිබෝ මගෙ අත් අතෑරලා කියද්දි බයටම මං එයාගේ ඇග වටේ වෙලිලා තිබ්බ මගෙ අත් ගලවගත්තේ නෑ... මං හොරෙන් side mirror එක බලද්දි එයාගේ තොල් වල තිබ්බේ ලස්සන හිනාවක්...

මං එයාගෙ ඇගේ වෙලිලා ඉද්දි එයාගෙන් පෙනුනේ එයා සතුටින් ඉන්නවා කියලා.. නොකිව්වට මගෙ යටි හිත හොරෙන් සතුටු උනා...එයාගෙ ඇග වටේ අත් දාගෙන හිටපු මටම නොදැනී මං ඇනෙක්ස් එක ගාවට එද්දි යිබෝගේ පිටට මූණ තියාගෙන හිටියා.... එයාගේ ඇදුම් වලින් ආවේ අමුතුම සුවදක්.....

Call Me DADDY 💰💸 ✔️Where stories live. Discover now