දෙවැනි දිගහැරුම🌹

27 6 6
                                    


ඔව් මං අද යනවා මගේ හීනෙට පන දෙන්න හිතාගන ගොඩක් දුර නිල් සයුරෙනුත් එහා මං හීන දැකපු මගේ නොවන මගේම ලෝකයට... ඔව් හිතේ කොනක දුකක් නැතුවම නෙවෙයි. මේ නුවර අහස යට මගේ කියලා සොඳුරු මතකයන් ගොඩක් තියනවා. ඒ හැම මතකක්ම මං එක්කම අරන් යන්න ඔනෙ. ඉස්සරහා මිදුලේ මං නිතරම වගේ ඉන්න ආස කරපු සෙමෙන්ති බංකුවේ ඉදන් මල් දිහා බලාගන මං එක්කම දොඩමළු වුන මං පියවි ලෝකයට ආවේ අමන්දා එනවා දැකලා. අමන්දා කියන්නේ මගේ හොදම යාලුවා.

🌺" ආ කෙල්ල කොහෙද දන්නැ ගිහිල්ලා හිටියේ "
🌹"මං කොහෙවත් ගියේ නැ"
🌺 " ආ එහෙනන් ගේට්ටුව අරින සද්දේ ඇහිලා අමුතුවෙන් වගේ බැල්වේ. අහස කඩන් වැටෙන්න යනවා වගේ"
🌹" නැ අමන්දා අද රැටනේ ෆ්ලයිට් එක "
🌺" කෙල්ලට කාන්සාව වගේද 👀නැ නැ කාන්සාව වෙන්න බැ "
🌹" ඒ කිව්ව කතාවේ නම් පොඩි අමුත්තක් තියනවා "
🌺" නැ ඉතින් මං කිව්වේ ඔයාගේ හීන කුමාරයා එහෙනේ"
කලින් නොකිව්වට මං ගාව ඉන්නෙත් ආර්මි කෙල්ලෙක් තමයි 🙃.
👩" ආ මේ අමන්දා දුවත් ඇවිත් ඉන්නේ " අපේ අම්මා මට වැඩිය අමන්දාට ආදරෙයි 😌
👩"දෝණි ඔයා සෙරම ගත්තද "
🌹"ඔව් අම්මා "
👩" ඔන්න සේරම ගත්තා කියලා මොනාහරි දාලා ගියෝත් අපි නැ ස්කෝලෙට වගේ ගෙනත් දෙන්න බැනෙ"
🌹" හරි හරි අම්මා මං ඔක්කොම ගත්තා "
අම්මා එහෙම කියලා යන්න ගියාට පස්සේ මායි අමන්දායි තොරතෝංචියක් නැතුව කතාව. මං ෆැෂන් ඩිසයිනින් වලට ආස කලා වගේම ලෝකයක්ම තමන්ගේ කරගත්ත කලාකරුවන් හත්දෙනෙක් ගැනත් දැනන් හිටියා එයාලට ආදරේ කලා. ඒ අතරිනුත් සුගා එහෙම නැත්තන් මින් යුන්ගි , එයා මට ගොඩක් විශේෂ උනා. පූස් පැටියෙක් වගේ කියුට්, එයාගේම නොවුනත් එක මව් කුසින් බිහි උන සහෝදරයෝ වගේ අනිත් මෙම්බර්ස්ලට සැලකුවේ,ලස්සන කටහඩක් උරුම වෙච්ච ලස්සනට ලියන්න පුලුවන් කෙනෙක් විදිහට එයා අද ආර්මිලාගේ එක තරුවක් වෙලා. යුන්ගි මගේ බයස් උනා වගේම අමන්දා කිව්වා වගේ පිස්සුවකුත් නැතුවම නෙවෙයි ඉතින්🙈

🌺" හල්සී හල්සී මොන ලෝකේද ඉන්නේ ශුවර් එකටම පුස් තඩියා ගැන හිතනවා ඇති ,
මේ හල්සී මෙන්න මෙහෙ එන්න ආන්ටි එන්න කිව්වා හල්සීඊඊඊඊඊ "
🌹"ආ මොකක්ද "
🌺" ඔව් ඉතින් දැන් අපි කියන එවා මෙයාට ඇහෙන්නැනේ ප්‍රේම ලොකෙනෙ ඉන්නේ"
🌹" අනේ මේ එහෙම එකක් නැ එයා මගේ බයස් එච්චරයි "
🌺" බයස් විතරමයි"
🌹"අමන්දා කියන්නකෝ මොකක්ද ඉස්සෙල්ලා කිව්වේ"
🌺"අන්න අරහේ ආන්ටි ඔයාට එන්න කිව්වා හතයි ගානට කිව්වා නේද ෆ්ලයිට් එක "

    RED ROSE 🌹                                                                 Where stories live. Discover now