දහ හතර වන දිගහැරුම🌹

9 5 9
                                    

🐨"කෝ යුන්ගියා "

🐿️"හියුන් තාම නැ දැන් එයි එයා ඊයේ ......"
හොබී කියවන් ගියේ එක හුස්මට. නාම්ජුනා කල්පනා කරලා කරලා ජාතිය ඇමතුවා.

🐨" මේකට මොකක් හරි කරන්න වෙනවා හියුන් එරික්ව හොයාගන්න බැරි උනත් අපිට හල්සී ගැන හිතන්න වෙනවා. යුන්ගියා හල්සිව බෙරගත්තා තමයි ඒ උනාට මේක එතනින් ඉවර නැ. ඔය එරික් කියන මනුස්සයා ආපහු එනවා. මොකද එයාට එයාගේ පලිගැනීම සම්පූර්ණ කරගන්න බැරි උනා. ඒ විතරක් නෙවෙයි ඔය මනුස්සයා දැන් යුන්ගිවත් ෆලෝව් කරයි. යුන්ගිටයි හල්සිටයි මේ දෙන්නටම ගොඩක් පරිස්සම් වෙන්න වෙයි හියුන්. මේ ජිමිනා තව ටිකකින් ඇහැරෙයි. දෙයක් කියන්න තියනවා කිව්වට මං එද්දී මෙකා වැටෙන්න බීලා හිටියේ. අනේ ඇත්තමයි මට එන කේන්තිය." 🐑"නාම්ජුනා ඔහොම කේන්ති ගන්න එපා අපි දන්නැනේ ජිමිනට ප්‍රශ්නයක්ද කියලා "


🐨"හියුන් ප්‍රශ්නයක් තියනවා නම් කතා කරලා විසදගන්නයි ඔනේ. මෙහෙම බීලා
හරියනවද "

🐑"මං ඒක නෑ කියන්නැ නාම්ජුනා ඒත් අපි දන්නැනේ ජිමිනට ප්‍රශ්නයක්ද කියලා."

එතකොටම යුන්ගි ඇවිල්ලා කාමරේට යන්න යනකොටම දැක්කේ සොෆා එකේ වැතිරිලා ඉන්න ජිමිනව.

🐱"මොකද මේ ඇම්බැට්ටයට වෙලා තියෙන්නේ..... ඇයි මේ.... හපෝ ගද ....එහ් ජිමිනා.... ජිමිනා."

🐥"සුකී...මගේ සුකී...ඔහොම ඉන්න සූ....මාව දාලා යන්න එපා සුකී....ඔයාට බැ සුකි මට මෙහෙම කරන්න....
ජිමිනා අවසිහියෙන් කියවනවා. සෙට් එකම භූතයෙක් දැක්කා වගේ කටවල් ඇරගන ජිමිනා දිහා බලන් ඉන්නවා එක්කෙනෙක් ඇර. ඔව් ටේ මේ ගැන දැනන් හිටියා. ටේගේ මූනේ තිබ්බේ දුකක්. ජිමිනගේ ඇස් වල කදුලු ඔහේ ගලා ගෙන යනවා. නිකන්ම ඉන්දවුන ටේ දිහයි ජිමිනා දිහයි මාරුවෙන් මාරුවට බලන්න ගත්තු ජින් දැනගත්තා ටේ මොනාහරි දන්නවා කියලා. එහෙම හිතපු ජින් ටේගෙන් ප්‍රියා කරන්න ගත්තා.

🐑"ටේ ඇත්ත කියන්න කවුද සුකී කියන්නේ "

🐯"ජින් හියුන් , සුකී කියන්නේ අපේ ජිමිනට ඈතින් නැදෑ වෙන නූනා කෙනෙක්. ජිමිනා ඒ නූනට ගොඩක් ආදරෙයි. නූනත් එහෙමලූ.ඉතින් ඒ නූනට ........අනේ හියුන් මං හිතන්නේ නූනා යන්න ගිහිල්ලා"

    RED ROSE 🌹                                                                 Onde as histórias ganham vida. Descobre agora