අට වන දිගහැරුම🌹

10 5 7
                                    

ටේටයි කූකීටයි වොෂ් එකක් දාගන එන්න කියලා ගිය ජිමින් පහළට යන්න හදනවත් එක්ක ජින් හියුන් යුන්ගි හියුන් දිහා බලන් අහස පොළව ගැටලන්න වගේ කල්පනා කරනවා යුන්ගි හියුන්ගේ ඇද උඩ එයා ලග ඉදගන. ඒත් එක්කම යුන්ගි හියුන් හොදටම අඩලා තියනවා කියලත් ජිමින්ට තෙරුනා. ජින් හියුන් කොහොමත් එයාගේ මල්ලිලාට පුදුම විදිහට ආදරෙයි. එයා බනින්නෙත් බොරුවට අම්මා කෙනෙක් වගේ එයාගේ මල්ලිලව බලාගන්නේ.

ජින් හියුන් ඇත්තටම හිටියේ නිකන් ස්ටක් වෙලා වගේ. මොකද එයා දකින්න ආසම නැති දෙයක් දැකපු හින්දා. දෙසැරයක් තුන් සැරයක් විතර කතා කරලයි ජින් හියුන්ව පියවි සිහියට ගෙනාවේ. ඒත් එක්කම කලබලෙන් වගේ කාමරේට ආවේ ටේ. ටේ ආපු විදියට නාම්ජුන්ලටත් තෙරුනා මොකක් හරි ප්‍රශ්නයක් කියලා. එයාලා කාමරේට එනකොටත් ජිමින් හිටියේ යුන්ගිව හග් කරගන.

🐨"ජින් හියුන් මෙතන මොකක්ද වෙන්නේ?"
🐑"නාම්ජුනා මං යුන්ගියාගේ කාමරේට එනකොට.."

ජින් එහෙම කියලා ටිකක් වෙලා යුන්ගියා දිහාම බලන් හිටියා.

🐨"ඔව් කාමරේට එනකොට ජින් හියුන් මොකක්ද උනේ කියන්න"

නාම්ජුන් ඒක කිව්වේ නම් ඉල්ලීමක් කරනවා වගේ.

🐑"යුන්ගි අඩ අඩ හිටියේ ඊයේ..ඊයේ...කො..කොච්..කොච්චර සතුටින් හිටිය කොල්ලද මේ?"

🐯"මං හිතන්නේ මෙයා නපුරු හිනයක් දැකලා හියුන්"

🐑"හ්ම්ම් "

ජිමින් ඇරෙන්න අනිත් ඔක්කොම වට වෙලා ජින් හියුන් දිහා බලන් ඉද්දී ජින් හියුන් ජිමින්ට ටිකක් පැත්තකට වෙන්න කියලා යුන්ගි ලගින් ඉදගන sweet voice එකකින් කතා කලා. වෙච්ච දේ ජින් හියුන් හොදටම දැනන් හිටියා. ඒත් එයාගේ එකම weekess එක එයා ආදරේ කරන අය දුකින් ඉන්නවා බලන්න බැ එයාට. එකයි ජින් ගල් වෙලා වගේ හිටියේ.

🐑"යුන්ගි, මට කියන්න...ඔයා මොනාද දැක්කේ හ්ම්ම්...මෙච්චර අඩන්න තරම්...අහ් ඉස්සෙල්ලා මේ කදුලු පිහදා ගන්නකෝ."

ජින් එහෙම කියලා එයාගේ ඇගිලි වලින් යුන්ගිගේ කදුලු පිහදැම්මා.මොනවා උනත් එයාගේ චුටි මල්ලිලා සම්බන්ධව එයා දුර්වල වෙන්න කිසිම විටෙකත් හිතුවේ නැ. කොච්චර සංවේදී උනත් ඒ තරමටම ජින් හියුන්ගේ හිතේ හයිය තිබුනා. යුන්ගි ඉකි ගගා දැකපු දේ කියන්න ගත්තා.

    RED ROSE 🌹                                                                 حيث تعيش القصص. اكتشف الآن