දස වන දිගහැරුම🌹

9 5 9
                                    

Halsi 's POV 🌹

මං අප්පට Report එක දීලා ගෙදර ආවේ අද මගේ වැඩ ටික ඉවර නිසා. මං එනකොට හල්මෝනී දොර ගාව බලන් හිටියා. මං හල්මෝනිවත් එක්කන් ගියේ වින්ටර් එක එයාට එච්චර සුභ නැති හින්දා.

🌹"හල්මෝනීඊඊඊ , ඔයාට අසනීප උනොත් කවුද අනේ මාව බලාගන්නේ මට මේ ලොකූඌඌඌඌ මාළිගාව ඇතුලේ තනියම තමා ඉන්න වෙන්නේ, මොකක්ද අනේ එන්නකෝ හ්ම්ම්ම්ම්ම්ම් "

මං හල්මෝනීවත් ඇදන් ගිහිල්ලා dining table එකේ ඉන්දවලා ඉක්මන්ට එන්නම් කියාගන කෙලින්ම කාමරේට ආවේ වොෂ් එකක් දාගනම dinner එක ගන්න. හල්මෝනී Dinner එකට ඔක්කොමත් රෙඩි කරලා. මං අද dinner එක රෙඩි කරන්න හිටියේ කලින් ආපු නිසා මෙයාට හැමදාම උයන්න දෙන්න බැනේ. කමක් නැ තාම පටන් අරන් විතරයි. ඉතුරු ටික මේ මං කරන්නම්.

🌹"මෙන්න මෙහෙ දෙන්න අනේ ඔයා ගිහින් ඉදගන ඉන්න අතනින් හ්ම්ම් මං කරන්නම්."
👵"අනේ පුංචි නෝනා "
🌹"මං හදන්නම් හල්මෝනී "
👵"අනේ මන්දා මේ දරුවා නම් දැන් මට අපේ මහත්තයගෙන් බැනුනුත් අහන්න වෙනවා මේ දෝණිඇන්දගේ වැඩ වලට "😇
🌹"එහෙම මුකුත් වෙන්නැ අනේ ඔයා බය වෙන්න එපා අනේ මේ මං ඉන්නවනේ😌"

ඔන්න දැන් හරිනේ, අපේ හල්මෝනීගේ මහත්තයා වැඩියනේ, දැන් බලාගන්නකො වෙන දේ හල්මෝනී😎.
ඇත්තටම අප්පා මටවත් හල්මෝනීටවත් බැන්නේ නැ. එයා කෙලින්ම වොෂ් දාගන ආවේ dining table එකට. අප්පට හරි සතුටින් මං දිහා බලාගන හිටියේ නිකන් මේ කෙල්ල මොනාද කරන්නේ කියලා අහනවා වගේ.

🌹"අප්පා ඔන්න හරි දෙන්නටම කන්න පුලුවන් හැබැයි ටිකක් උනුයි. "
මං එහෙම කියනකොට තමයි හල්මෝනී නිදහසට කරුණු කියන්න ගත්තේ. අපේ අප්පට නම් කිසි ගානක් නැ.

👨"අහ් ග්‍රිටා එකට කමක් නැ. මේ කෙල්ලගේ කැම කන්න පුලුවන් කියලා මට ආශා කියලා තියනවා" ඔය ආශා කිව්වේ අපේ අප්පගේ ප්‍රියාදර හිතාදර ආදරණීය බිරිඳ හොදේ. ඔම්මා තමයි.

🌹"ඩිනර් එක රෙඩීඊඊඊඊඊ"

"ලොකු නෝනා වගේමයි "
එහෙම වෙන්න එපැයි මං ඉතින් කිම් ආශා මෙනවියගේ දුව නේ හල්මෝනී😌
අපේ ගෙදර dining room එක තමයි මං ආසම තැන. කට්ටියගේ හිනා නහරේ නියමෙට වැඩ කරනවා. නේද බ්‍රීනී , මගේ පුටුව යටට වෙලා පාඩුවේ කැම ටික ගිලින මගේ බව්වා. හැබැයි ඉතින් ඒ කැම ටික කන වෙලාවට විතරයි. මගේ කාමරේ අස් කරලම පන යනවා. මං හිමිච්චා වගේ කැම ටික කාලා ප්ලේට් එකත් ඩිෂ් වොෂර් එකට දාලා බ්‍රීනිවත් අරන් කාමරේට ගියා. මං හැමදේම වගේ බ්‍රීනීට කියන්න පුරුදු වෙලා හිටියා.

    RED ROSE 🌹                                                                 Where stories live. Discover now