විසි වෙනි දිගහැරුම🌹

19 4 6
                                    

අවුරුදු දෙකකට පස්සේ හල්සිට එරික්ගෙන් තිබුන ප්‍රශ්නේ ඉවර වෙලා තිබුනා. ඔව් එරික්ව නිතියේ රැහැනට අහු උනා ජිවිතාන්තය දක්වාම.ඒ කාලේ ඇතුලත යුන්ගි පුදුම විදිහට හල්සිව බලාගත්තා. වෙන පිරිමියෙක් ඇහැක් ඇරලා බලනවත් කැමති උනේ නැ. කොටින්ම කියනව නම් තමන්ගේ සහෝදරයෝ හත්දෙනා ඉස්සරාවත් කොට ඇදුම් අදින්න දුන්නැ. යුන්ගි එයාගෙනුත් හල්සිව ආරක්ෂා කලා. කවදාවත් සීමාව පැන්නේ නැ එක රැයක්වත් නැ. යුන්ගි හල්සිගේ රෝස තොල් පෙති අතරින් එහාට ගියේ නැ. හල්සී අප්පා ලගට ඇවිල්ලා දැන් අවුරුද්දකට කිට්ටුයි. එරික්ගේ ප්‍රශ්නේ නිසා හල්සිව යැව්වත් මිස්ටර් කිම් හිටියේ කැමැත්තකින් නෙවෙයි. මිස්ටර් කිම් බය උනා එයාගේ එකම දරුවවත් නැති වෙයි කියලා. තමන් ආදරේ කරපු එකම ගැහැණිය හල්සිගේ ඔම්මගෙන් ඈත් වෙන්න උනා වගේ දුවවත් නැති වෙයි කියලා. අප්පා කෙනෙක් විදිහට සාධාරණයි නේද?

👵"මහත්තයා, මහත්තයට බැ පුංචි නෝනගේ කසාදේ කවුරු එක්කද සිද්ධ වෙන්නේ කියන එක තීරණේ කරන්න. කොහෙත්ම ඉඩ දෙන්න බැ ඒකට "

👨"ග්‍රිටා, ග්‍රිටා කොහොමද මට ඔහොම කතා කරන්නේ....අනිත් එක ග්‍රිටා කවුද පුංචි නෝනගේ කසාදේ තීරණේ කරන්න....ග්‍රිටා ග්‍රිටාගේ තැන ඉන්න....එහෙම ඉන්න බැරි නම් මෙහෙන් යන්න පුලුවන්."

👵"පුංචි නෝනගේ කසාදේ තීරණේ කරන්නෙ මමවත් මහත්තයාවත් නෙවෙයි මහත්තයා, මහත්තයගේ ඔම්මා. අපේ ලී උතුමාණන්ගේ දූ කුමරිය ලී බියුන් කුමරිය."

👨"ග්‍රිටා මේ මොනාද කියවන විකාර මගේ මේ ඔලුව ගිනි අරන් තියන වෙලාවේ බහුබූත කියවනවා"

👵"බහුබූත නෙවෙයි මහත්තයා මහත්තයාගේ ඔම්මා නිකන් ගියේ නැ. එතුමිය පුංචි නෝනට වගේම මහත්තයටත් දෙයක් තියලයි ගියේ. ගන්න මහත්තයා මේ තමයි හරිම වෙලාව. මහත්තයා පොඩි කාලේ ඇහුව කතාව නිකන් කතාවක් නෙවෙයි මහත්තයා. ඒ තමයි මහත්තයගේ ඔම්මගෙයි අප්පගෙයි කතාව.දැන් ඉතින් මගේ වගකීම ඉස්ට කොරලා ඉවරයි. "

මිස්ටර් කිම් ග්‍රිටාගේ අමුතු හැසීරීමටයි සාමාන්‍යය කාන්තාවක් විදියටම හිටපු ඔම්මා ගැනයි තිබුනෙ කුතුහලය පිරුනු හැගීමක්. ග්‍රිටා යන්න යනකොටම ග්‍රිටාව නැවැත්තුවා.
👨"ග්‍රිටා පුංචි නෝනා කෝ"
👵"ආන් ගාර්ඩ්න් එකේ ඉන්නවා මගේ අහින්සකී....ඉන්න මහත්තයා මං එන්න කියන්නම්"
👨"නැ එපා ඔන වෙන්නැ"

    RED ROSE 🌹                                                                 Where stories live. Discover now