දහතුන් වන දිගහැරුම🌹

10 5 10
                                    


හල්සිට අප්පගෙන් කෝල් එකක් ආවේ ඊයේ හල්සී ගෙදර ඇවිත් නැ කියලා දැනගෙන . හල්සිට හල්මෝනීට කියන්න අමතක උනා.

ට්‍රිං ට්‍රිං ...
👨"හල්සී"
🌹"අප්පා ඔයා ආවද "
👨" හ්ම්ම් ගෙදර ඉන්නේ.....මේ හල්මෝනී කියනවා ඔයා ඊයේ ගෙදර ආවේ නැලු....ඇත්තද?"
🌹"ආනි අප්පා මං ඊයේ company එකේ හිටියේ....අර අලුත් ඔඩර් එක successful වෙන්න ඔනේ අප්පා. මං දන්නවා අප්පා ඒක මට දුන්නේ මාව ගොඩක් විශ්වාස කරලා. මං ඒකට තමයි මේ දවස් වල වැඩියෙන්ම focus එක දෙන්නේ එකයි අප්පා මං ඊයේ ආවේ නැත්තේ. ඈම් රියලි සොරි අප්පා කියන්නැතුව හිටියට. "
හල්සී හෙන පත බොරුවක් කිව්වේ ඊයේ වෙච්ච කිසිම දෙයක් අප්පවත් හල්මෝනිවත් දැනගන්නවට කැමති නැති හින්දා. එහෙම උනොත් වෙන දේ හල්සී හොදටම දැනන් හිටියා. අප්පා කවදාවත් එරික්ව අතාරින්නැ කියලා හල්සී දැනන් හිටියා. ඒ වගේම ඔම්මෝනි එයා මේ දේවල් දැනගත්තොත් ....හල්සී තමන්ගේ හැමදේම වගේ හල්මෝනිට කිව්වා. ඒත් මේ දේ කොහොමද කියන්නේ හල්මෝනිගේ පපුව පැලිලා මැරෙයි. හල්සී දැනන් හිටියා අප්පා වගේම හල්මෝනීත් එයාට ගොඩක් ආදරෙයි කියලා. ලේ බැදීමක් නැති උනත් ,
👨" එහෙනන් දැන්ම ගෙදර එන්න ඔක පස්සේ හවසට කරන්න පුලුවන් "
🌹"ඒත් අප්පා ..."
👨"ඒත් මේත් නෙවෙයි දැන් ගෙදර එන්න අප්පා ගෙදර එනකොට දෝණි නැ "
හල්සිට ගොඩක් දුක හිතුනේ අප්පා කිව්ව අන්තිම වචන ටිකට.
🌹"හරි අප්පා මං එන්නම්"

හල්සී එහෙම කියලා ෆයිල්ස් ඔක්කොම ලොකර් එකට දාලා ලොක් කරලා ගියේ ඊයේ උන දේවල් තාමත් චායාවක් වගේ ඇස් ඉස්සරා මැවෙද්දී. අද නම් හිම වැටෙනවා හොදටම වැඩි. හල්සී ඒ සීතලේම ගැහි ගැහි ගෙදර ගියා.

🌹"අප්පාආආ.. "
හල්සී කැගහගෙනම ඇතුලට ගියේ සාලේ පේන්න හිටියේ නැති හින්දා. එතකොටම අප්පා කාමරේ ඉදන් ආවේ. හිටියේ අප්පව හග් කරලා සමාවත් ගත්තේ බටර් පාරක් ගාලා. කිචන් එකේ උයන ගමන් හල්මෝනී කතා කරන්න ගත්තේ යුන්ගි අරන් දුන්න ගවුමෙන් පටන් අරන්.

👵"පුංචි නෝනා ඊයේ ඇදගෙන ගියේ ඔය ගවුම නෙවෙයිනේ සුදු දිග ගවුමක්නේ"
දැන් ඉතින් කියන්නකො වැස්සෙ තෙමුනා යුන්ගි අරන් දුන්නා කියලා මටත් වැටෙන බාල්දි අනේ දෙයියනේ මාව බේරගන්නකෝ මේ යුන්ගෙයි ටේගෙයි වැඩ මෙව්වා.අසරණ ගැත්තාට සමාවෙන්න .....හල්සී එහෙම හිත හිත තවත් පචයක් ඇද බැවා.
🌹" දවස් දෙකක් කොහොමද හල්මෝනී එකමුතු ඇදුම අදින්නෙ. මං company එක ලග ශොප් එකකින් ඔඩර් කරලා ගෙන්න ගත්තා. "

    RED ROSE 🌹                                                                 Where stories live. Discover now