පහළොස් වන දිගහැරුම🌹

9 4 4
                                    

මිස්ටර් කිම් එයාගේ අතීතෙට ගියා කිව්වොත් නිවැරැදි. එරික්ගේ නම මතක් වෙන හැම සැරේම ඒ සිද්ධ උන දේවල් එකින් එක මිස්ටර් කිම්ගේ ඇස් ඉස්සරා පේන්න ගත්තා.

👨"යුන් ඔයා මේක හොදට අහගන්න ඒ වගේම මතක තියාගන්න. මගේ wife pregnant වෙලා ඉන්න කාලෙමයි මගේ දෝණිව නැති උනේ ඔය එරික් හින්දා. මට මගේ wifeගෙන් ඈත් වෙන්න සිද්ධ උනේ ඔය එරික් හින්දා. ඒ නිසයි මගේ දෝණිව එයාගේ ඔම්මගේ රටට යවන්න උනෙත්. ඔයා දෙන්නා තව දුරටත් යාලුවෝම නෙවෙයි කියලා මං දැනගෙන ගොඩක් කල් පුතේ. මං අහන්නැතුව හිටියේ දෝණිම ඇවිල්ලා මට කියනකන්. එයා එයාගේ තීරණේ ගත්තා. මං මගේ දෝණිගෙන් ඈත් වෙලා හිටියෙත් එයාව ආරක්ෂා කරගන්න ඔන හින්දා. හල්සිගේ ඔම්මා එයාව බලාගත්තේ ගොඩක් අමාරුකම් මැද්දේ මලක් වගේ. හල්සී තමයි මගේ එකම වස්තුව. මගේ මැණික මේ ඔක්කොම අයිති එයාට. එරික්ගෙන් මගේ වස්තුව රැකගන්න ඔන හින්දයි මගේ දෝණිව ඔයත් එක්ක එවන්නේ. යුන් ඔයාලට තව අවුරුදු දෙකක් තියනවා හොදට මතක තියාගන්න. ඊට කලින් ඔයාලා අතරේ මොනවත් සිද්ධ වෙන්න බැ."

🌹"මොකද්ද අප්පා අර pregnant වෙලා ඉද්දී නැති උනා කිව්වේ. ඔයාගේ දෝණි මං නෙවෙද "

👨"ඒ ඔයාගේ නූනා ඔයාව හම්බෙන්න ඉද්දී එයා යන්නම ගියා දෝණි "
හල්සී මේ වෙනකන් එයාට නූනා කෙනෙක් හිටියා කියලා දැනන් හිටියේ නැ. හල්සිගේ ඔම්මාවත් එයාට මේ ගැන කියලා තිබ්බේ නැ. මිසිස් කිම් "ඒ ඔයාගේ නූනා "කියලා කියද්දි ඒ වචන හල්සිගේ ඔලුවෙ දෝංකාර දුන්නේ පපුව පැලිලා යන්න තරම් දුකක් දැනෙද්දී.

🌹"අප්පා මට නූනව බලන්න ඔනේ අප්පා ප්ලීස් අප්පා මට දැන්ම යන්න ඔනේ අහ් යුන්...යුන් මාව එක්කන් යන්න යුන්"
හල්සී එතනින් නැගිටලා යන්න යද්දිම යුන්ගි හල්සිගේ අතින් අල්ලලා නැවැත්තුවා.

🐱"හල්සී මේ අහන්න ඔයාට මේ රැ ඔහොම තනියම Cemetery එකට යන්න බැ. අපි හෙට යන්. "
හල්සිට ඒ කිසිම දෙයක් අදාල උනේ නැ. හල්සී යුන්ගිගේ අත ගසලා දාලා යන්න යනකොටම යුන්ගියි අප්පයි දෙන්නම නැගිටලා ආවේ හල්සිව නවත්තන්න.

🌹"අනේ අප්පා ප්ලීස් මට යන්න දෙන්න."

👨"යන්න දෙන්න ?....එක්කෙනෙක් සදහටම යන්න ගියා මදිවටද ?.....මට ඔයාවත් නැතිකරගන්නද කියන්නේ....හරි යන්නනේ ඔනේ ඉතින් යන්න හැබැයි මේ අප්පා මැරුනා කියලා හිතාගන්න"
හල්සිගේ අප්පා කවදාවත් නැතුව හල්සිට කෑගහන්න ගත්තා.

    RED ROSE 🌹                                                                 Where stories live. Discover now