දාහත් වන දිගහැරුම🌹

16 4 12
                                    

හල්සී එහෙමම උමං දොරෙන් එලියට ගියේ ග්‍රිටාව හොයාගන. හල්සී දන්නවා මේ හැම දෙයක්ම අකුරක් නෑර ග්‍රිටා දන්නවා කියලා. ඔව් ග්‍රන්ථ දන්නවා හල්සිගේ අප්පවත් හරියට දන්නැති දේවල් ග්‍රිටා දැනන් හිටියා.

👵"පුංචි නෝනා මේ හැම තැනම මකුළු දැල් ගාගෙන "
ග්‍රිටා එහෙම කියලා හල්සිගේ කොන්ඩෙ තිබුන මකුළු දැල් පිහිදාන්න ගත්තා.

🌹"හල්මෝනී ඔයා කවුද ඇත්තටම "
ග්‍රිටා හීනෙකින්ව්ත් හිතුවේ නැති දෙයක් හල්සී ඇහුවේ. ග්‍රිටාගේ කිසිම සද්දයක් නැති තැන හල්සී ආපහු අහන්න ගත්තා.
🌹"ග්‍රිටා ඔයා කවුද?....ඔයා මොනාද මගේ හල්මෝනී ගැන දන්නේ?....ඇත්තටම මගේ හල්මෝනී කියන්නේ ලී උතුමාණන්ගේ දූ කුමරියද?....ඇයි ඒ පින්තූරේ ලී ඒ වගේ තැනක තියෙන්නේ?.... මට කියන්න ග්‍රිටා....මට කියන්න "

👵"පුංචි නෝනා , පුංචි නෝනගේ ඇත්තම හල්මෝනී තමයි ඒ පින්තූරේ ඉන්නේ....රජ පවුලේ අවසාන කාලේ බියුන් කුමරිය කිම් ජීවොන්සීට ආදරේ කලා. අවාසනාවකටද වාසනාවකද ලී උතුමාණන් රහසේ දළු ලා වැඩුන ඒ ආදරේට කැමති උනේ නැ. උතුමාණන්ගේ අභාවයත් එක්කම කුමරියට මැදුර කියන තැන තව දුරටත් ඉන්න හැකි උනේ නැ. බිසවගේ කෘරත්වය අවසානයේ නතර උනේ සිර මැදුරෙ. තනි උන බියුන් කුමරියට හිටියේ මමයි කිම් ජීවොන් විතරයි. මේ හැම දෙයක්ම කිම් ජීවොන්සීගේ ඒ කියන්නේ පුංචි නෝනගේ හරබෝජී ඔව් පුංචි නෝනා පුංචි නෝනගේ හරබෝජී."

🌹"එතකොට ඔ...

👵"මම බියුන් කුමරියගේ ප්‍රධාන සේවිකා yeona. ආරක්ෂක අංශයෙන් කුමරියව පිස්සු බල්ලෝ වගේ හොයන්න ගත්තා. මේ කාමරේ මෙහෙම හදන්න හේතුවත් ඒක. ජීවොන්සී හින්දා කුමරිය ආරක්ෂිතව හිටියා පුංචි නෝනා. පුංචි නෝනගේ හල්මෝනී පුංචි නෝනා ගැන බලාපොරොත්තු කන්දක් තියන් හිටියේ. ඒ අහිංසක බලාපොරොත්තු ඉස්ට කරන්න පුංචි නෝනා. පුංචි නෝනා විතරයි ඉස්ට කරන්න පුලුවන්. පුංචි නෝනගේ නූනා යන්න යන්නම ගියාඉන් බියුන් කුමරිය ඇඩු කදුලින්ම යන්න ගියා පුංචි නෝනගේ නූනා එක්කම😔"

🌹"මං යනවා ග්‍රිටා"

ග්‍රිටා මෙහෙම කියාගෙන යනකොට හල්සී අහගෙන හිටියේ ඇස් දෙකේ කදුලු පුරෝගෙන. හල්සිට තවත් එතන ඉන්න ඔන උනෙ නැ. හල්සී යන්න ගියේ හීන අහුලන ගමන්.

    RED ROSE 🌹                                                                 Where stories live. Discover now