සය වන දිගහැරුම🌹

12 5 1
                                    

මං ෂටර් එකෙන් පිටත බලාගන වෙනම ලොකෙක හිරවෙලා ඉද්දී යුන් එක පාරටම කාර් එක කොපී ශොප් එකක් ලග නවත්තුවේ මං මටත් නොකියාම අඩන නිසා.ඔව් ආපහු මට මගහැරුනු කාලෙට යන්න බැනේ. යුන් ඇයි අඩන්නේ කියලා ඇහුවම මං එයා දිහා බලාගන උන්නේ ප්‍රශ්නාර්ථයක් එක්ක. ඇයි මගේ අම්මා එහෙම ගියේ, අප්පා අම්මට එච්චර ආදරේ කරද්දී අම්මා අප්පට එච්චර ආදරේ කරද්දී ඇයි අම්මේ ඔයා ගියේ මට තාමත් ඒකට උත්තරයක් නැ. යුන් ඔයාව මට ආපහු හම්බුනා තමයි ඒත්...ඒත් ඒ නැති උන කාලේ ආපහු අපේ ජිවිත වලට එන්නේ නැ යුන්. මගේ හිත මොරසූරන වැස්සක් වගේ දුකින් තෙත් වෙද්දී කීසිම ඉකියක් නොගහා කම්මුල් දිගේ කදුලු ගලද්දී යුන් කොච්චර මට කතා කලත් මගේ නිහඬ බව බිදින්න බැරි තැන එයා මාව තුරුලු කරගත්තා. අඩන්න තව කදුලු නැති තැන මං යුන්ගෙන් මෑත් වෙලා කදුලු පිහගත්තා. මට තිබුනෙ ලස්සන පවුලක් ආදරෙන් ඉන්න අම්මා අප්පාට ගව්ගානක් දුරින් ඉන්න සිද්ධ වෙලා මට ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ව තෝරගන්න වෙලා යුන් මට මේ ඇත්ත දැන ගන්න ඔනේ යුන්.හල්මෝනී හිටියත් එයාට මගේ අම්මගේ අඩුව පුරවන්න බැ. ඔහේ බලන් ඉන්න මට දෙපාර තුන්පාර කතා කරද්දී තමයි මං පියවි සිහියට ආවේ.

මෙහෙම කෙල්ලෙක් එක පාරටම අඩන්න ගත්තාම ඔන මනුස්සයෙක් බය වෙනවා සිකුරුයි. යුන්ගි බුන්ගියාට නම් බය හිතුනට වැඩිය කෙල්ල අඩනවා දැක්කාම දුක හිතුනා අනේ. දුක හිතෙන්නැද්ද අවුරුදු ගානකින් තමන්ගේ කියලා කෙනෙක් එක්ක ටිකක් ඇවිදින්න ආවම මෙහෙම බාල්දියක් වැටුනම ඒත් ඉතින් කෙල්ල සාධාරණයි කෙල්ල තාමත් දන්නැ හරියට මොන එහෙකට අම්මා එයාව අරන් ලංකාවට ආවද කියලා කෙල්ලට එහෙ හිටියේ අම්මයි එයාගේ යාලුවා ඇමෙන්ඩා විතරයි. කෙල්ල කොරියා ආවෙත් කවදා හරි එයාගේ අම්මත් ආපහු එවී කියලා හිතාගන කප්පරක් බලාපොරොත්තු ඉෂ්ඨ වෙයිද හල්සිගේ 😶

😺"හල්සී හල්සී අනේ මැට්ටියේ කතා කරන්නකො"
🌹"මුකුත් නැ යුන් "
😺"ඔයා මේ බොරු කියන්නේ කාටද හල්සී"
🌹"අනේ යුන් මං ඔයාට සේරම කියන්නම් අපි යන්කො"
😺"ඔහොම ඉන්න මං කොෆී එකක් අරන් එන්නම්"
එහෙම යන්න හදපු යුන්ව මං අතින් ඇදලා නැවැත්තුවා. ඇයි අනේ ඔහොම ගියොත් හොදට තියෙයි මේ බීටීඑස් මින් යුන්ගි ඔහොම නිකන්ම ගියොත් හතර වටේ ඉන්න ආර්මිලා කූඹී රැල වගේ පස්සෙන් එයි. හෙට උදේ media වල viral ගිහින් තියෙයි බීටීඑස් මින් යුන්ගි කෙල්ලෙක් එක්ක හිටියා කියලා ඊට පස්සේ hybi එකෙන් මට තමයි නඩු දාන්නේ.
🌹" ඒයි මැට්ටෝඕඕඕඕ....බීටීඑස් මින් යුන්ගි ඔහොම ඉන්නවා...."

    RED ROSE 🌹                                                                 Tempat cerita menjadi hidup. Temukan sekarang