Chapter 01

1K 123 6
                                    

"එයා ඔයාට ඇත්තටම ආදරේ කලාද??.."

පිටිපස්සෙන් ඇසුන කටහඩ නිසා මුහුනේ තරමක් මලානික බවක් පෙනුන ලස්සන තරුණයෙක් ගැස්සිලා ගිහින් හඩ ඇසුන දිහාවට අවධානය දුන්නා..

එහෙත් ඔහුගේ මුහුනේ තිබුනේ හිස් හැගීමක්..හීනී ඇස් ගිලා බැහැලා ගිහින් මුහුන සුදු මැලි වෙලා..තොල් හමගිහින් අමුතු දුඹුරු පැහැයකට හැරිලා...උරහිසට ටිකක් උඩින් වැවිලා තිබුන තඹ කොන්ඩේ අවුල් වෙලා අකීකරු විදියට මුහුනට වැටිලා වගේම සිරුරේ අප්‍රාණික පෙනුමක් එක්කම  ඔහුගේ සිහින් ඉන හැඩිදැඩි අත් දෙකකට ගුලි කර ගත හැකි තරමටම කෙට්ටු වී තිබුනත් ඔහුගේ හුරුබුහුටි බවේ කිසිම අඩුවක් නොවී තිබුනා..

"එයා ඔයාට කවදාවත් ඒ ගැන කිසිම දෙයක් කියලා නැද්ද??...අඩුගානේ ඔයාටවත් දැනිලා නැද්ද..මටත් පැහැදිලි අදහසක් නැති වුනත් මට එහෙම හිතෙනවා ජිමින්.."

ඔහුගේ වයසෙම වගේ තවත් තරුණයෙක් ඔවුන්ගේ ඉස්සරහ තියෙන සොහොන දිහා බලාගෙන බිදුනු හඩකින් කිව්වේ වේදනාවෙන් ඒ දිහා බලාගෙන..

"මම දන්නෙ නැහැ..ඒත් මට කියලා ඉදපු එකම කෙනා එයා විතරයි...සමහරවිට එයාගේ හැගීම් මට දැනෙන්න දෙන්නෙ නැතුව ඇති.."

නිහඩව සිටි තරුණයා වෙව්ලන කටහඩින් කියලා බිම බලාගත්තා..

"ඔයාට එයා ගැන එහෙම හැගීමක්.."

"නැහැ..මට එහෙම හැගීමක් නැහැ...මම එයාට ආදරෙයි..ඒත් ඒක ඔයා හිතනවා වගේ හැගීමක් නෙමෙයි..සමහරවිට අපිට එතනින් එහාට තරම් කාලයන් නැති වුනා වෙන්න ඇති.."

ජිමින්ගේ කටහඩ තුල තිබුනේ හිස් හැගීමක්..

"මාත් එහෙම හිතනවා..ජිමින්..ජීවිතේ ඉස්සරහට යන්න..මම ඔයාගේ හොදම යාලුවා..ඔයා තනිවෙලා නැහැ...ජේන් දැන් ගිහින් ඉවරයි..ඒක එයාගේ දෛවය..ඒත් අපි අපේ දෛවයට මුහුන දෙන්න ඕන..මේ විදියට පැනලා යන්න බැහැ.."

ඔහු ජිමින්ගේ උරහිසට කුඩා තට්ටුවක් දමමින් යන්තම් හිනාවෙලා කිව්වා..

"ස්තූතියි ෆ්‍රෙඩ්..අපි ආයිත් මුනගැහෙමු.."

මුහුනේ සිහින් සිනහවක් මවාගත් ජිමින් වචන දෙක තුනකින් ඔවුන්ගේ කතා බහ අවසන් කර ෆ්‍රෙඩ්ව වැලදගෙන වාඩිවෙලා ඉදපු තැනින් නැගිට්ටේ වේදනාවෙන් පිරුනු දෑස් සොහොන් වෙතට යොමු කරගෙන..අඩියක් පස්සට තියමින් ඔහු පිටවී යන්න හැදුවේ හිතට දැනුන තනිකමකින්..

Reflection || VMIN [ Completed ✔]Where stories live. Discover now