Chapter 11

245 95 2
                                    

"ජිමින් කෙලින්ම ඉස්සරහ බැලුවා..
ජිමින්ගේ හදවත ආයිත් වේගයෙන් ගැහෙන්න ගත්තා..

මොනතරම් කලබලකාරී වටපිටාවක් තිබුනත් ඔහු සන්සුන්..ඒ වගේම නිශ්ශබ්දයි..ජිමින් බලන් හිටියා ඔහුගේ කෝපි පාට තොල් අතර රැදුන සිහින් හිනාව දිහා විනාඩි ගානක්..කහ පාට හම වැඩුනු සිරුර නිසා කැපිලා පෙනුනා..තද දුඹුරු කොන්ඩේ...හුලග නිසා මුහුන පුරා අකීකරු විදියට වැටිලා තිබුනා..දුඹුරු පාට ඇස්...හරිම සන්සුන්..දිග ඇස් පිහාටු හෙමීට තාලෙකට ගැහෙනවා...පන තියෙන අඹපු පිලිමයක්...ජිමින්ගේ හිත කියනවා..ජිමින්ගේ ඉස්සරහ හිටගෙන හිටියේ ටේහියුන්..ජිමින් දිගටම නොසන්සුන් වෙනවා..

"ටේහියුන් ඔයා මට උත්තරයක් නැති ප්‍රශ්නයක්...යන්න..ආයිත් එන්න එපා...මම මේ සිද්ධ වෙන දේවල් වලට කැමති නැහැ.."

ජිමින්ගේ ඇස් වල පිරුන කදුලු කැට හෙමීට කම්මුල් දිගේ පහලට ගලාගෙන ගියා..

"ඇත්තටම කොහොමද එහෙම වුනේ??.."

"සමාවෙන්න මහාචාර්යතුමා.."

ටේහියුන් ඔහුගේ ගැඹුරු කටහඩින් කතාකරද්දි ජිමින්ගේ මුලු ඇගම හිරිවැටිලා ගියා..

"දෙයියනේ ටේහියුන්...මේ දැන්ම යන්න..නැත්තම් ඕක නතර කරන්න.."

ජිමින් එකදිගට හිතුවා..තමන්ව පාලනය නොවෙන තරමටම ඔහු කලබල වෙලා..

"ඔයා ඔහොම වැඩ කරන කෙනෙක් නෙමෙයි ටේහියුන්!...කොහොමද එහෙම වගකීමක් නැතුව වැඩ කලේ??..ඔය ලමයට දැන් ලකුනු නැහැනෙ ඉතුරු වැඩ ටිකවත් කල්පනාවෙන් කරන්න..නැත්තම් ෆේල් වෙයි.."

"හොදයි මහාචාර්යතුමා.."

ටේහියුන් ස්තීරව කිව්වා..බයක්..පසුතැවීමක්..දුකක් ඒ මූනේ පේන්නවත් තිබුනෙ නැහැ..නිහතමානී හිනාවක් විතරක් ටේහියුන්ගේ සිහින් තොල් අතර රැදිලා තිබුනා..ජිමින් මේසෙට ඔලුව තියාගත්තේ ඔහුගේ කදුලු හංගන්න ඕන වුන නිසා..
ජිමින්ගේ වෙනසක් පෙනුනත් ෆ්‍රෙඩ් ඒ ගැන ඔහුගෙන් අහන්නැතුව ඉන්න හිතුවා..

ජිමින්ට හිතට වෙහෙසක් දැනුනා..ඒ නිසාම පැයක විතර නින්දකින් ඔහු ඇහැරෙද්දි කලින් තිබුනට වඩා මූසල බවක් දැනුනා..
ජිමින්ගේ ඇස් නතර වුනේ ටේහියුන් ඉදපු මේසෙට...හැම කෙනෙක්ම ඒ විදියටම ඉන්නවා..ඒත් ටේහියුන් හිටියෙ නැති නිසා ජිමින්ට දැනුනේ වේදනාවක්..

"ෆ්‍රෙඩ්...ටේහියුන් කොහෙද??"

ජිමින් වැඩිය හිතන්නැතුව හිතට වදදීපු ප්‍රශ්නෙ ෆ්‍රෙඩ්ගෙන් ඇහුවා..

"එයා ගෙදර ගියා ජිමින්..මට දුකයි එයා ගැන.."

ෆ්‍රෙඩ් බිදුන කටහඩින් කියද්දි ජිමින් විමසිල්ලෙන් ෆ්‍රෙඩ් දිහා බැලුවා..

"ඇයි මොකද වුනේ??"

"ඊට කලින් කියන්න ඔයා හොදින්ද ජිමින්..එකපාරටම නිදාගත්‍තනෙ..අසනීපයිද ඔයාට??.."

ෆ්‍රෙඩ් ජිමින්ගෙ උරහිසෙන් අල්ලන් හෙමීට ඇහුවා..ඒත් ජිමින්ට ඒ කිසිම දේකට උත්තර දෙන්නවත් අවධානය දෙන්නවත් ඕන වුනෙ නැහැ...ජිමින්ගේ හිතේ තිබුන ලොකුම ප්‍රශ්නෙ ටේහියුන්..

Reflection || VMIN [ Completed ✔]Where stories live. Discover now