Chapter 14

243 95 5
                                    

ජිමින් ඇවිදගෙන ගියා...දිගටම තමන්ගේ ඇස් හොයන ඒ රූපෙ හොයාගෙන ඇවිදගෙන ගියා...

"මට දැන් පැනලා යන එකයි අතඅරින එකයි ඇතිවෙලා..තවත් බැහැ...ඔයාව මම අතාරින්නේ නැහැ.."

ජිමින් කල්පනා කර කරම ඇවිදගෙන ගියා..ඔහු තනි සුදු පාට ආලේප කර තිබූ කුඩා වුනත් ලස්සන පෙනුමක් තිබුන රෙස්ටූරන්ට් එකක් ලග අන්තිමට නතර වුනා..ඔහු බලන් හිටියා...හදවත වේගෙන් ගැහෙන්න ගත්තා..කකුල් පන නැති වෙනවා දැනෙනවත් එක්කම අත් වෙව්ලන්න ගත්තා..

"පැය තුනක්!!...දෙයියනේ මෙතෙන්‍ට ඒ තරම් දුරයිද??"

ජිමින් හෙමීට කිව්වේ තමන්ගේ අත් ඔරලෝසුව දිහා බලාගෙන..

ඔහු හෙමින් හෙමින් ඉස්සරහට ගියා...සංගීතය අතරින් ඝෝෂාවල් ඇහෙනවා..ජිමින් තවත් ඉස්සරහට ඇවිදගෙන ගියා...වේටර්වරුන් කලබලෙන් එහෙ මෙහෙ යනවා..වයින් වීදුරු අතේ තියාගත්ත ධනවත් නාදුනන ගැහැනු අය ජිමින් එක්ක අමුතු විදියට හිනාවුනා..කවදාවත් දැකලවත් නැති අමුතු මිනිස්සු..ප්‍රසිද්ධ ආපනශාලාවක තත්වය මේකයි..ජිමින් හිතුවා..හරිම නොසන්සුන්..

ජිමින් හෙමීට ඇවිදගෙන ‍රෙස්ටූරන්ට් එක ඇතුලෙම තිබුන තරමක් ඝෝෂාව අඩු නිස්කලංක තැනකට ආවා..වටපිටාවේ කලබලයක් නැති වුනත් ඔහුගේ හිත නොසන්සුන් වුනා..

"ජන්කුක්!!.."

ගැඹුරු කටහඩක්..ජිමින්ගේ හදවත ආයිත් වේගයෙන් ගැහෙන්න ගත්තා..ඒ කටහඩ අදුරගන්න ජිමින්ට ගියේ එක් නිමේෂයක් විතරයි..ජිමින්ට ඔහු දිහා බලන්න ඕන වුනත් හිතට බයක් දැනුනා...ජිමින් කටහඩ ඇහුන පැත්තට හැරුනා..

ඩෙරික් ගොඩක් ආසාවෙන් අදින කලු පාට අත් දිග කමිසය..ඔහු නිතරම අතේ බදින අත් ඔරලෝසුව..ගාන්චුවක් අඩු සපත්තු දෙක...හැමදේම දිහා ජිමින් බොද වුන දෑස් වලින් බලන් ඉන්නවා..ඒත් මේ වෙලාවේ ඒ හැමදේකම අයිතිකාරයා වෙලා ජිමින්ගේ ඇස් ඉස්සරහ හිටගෙන ඉන්නෙ ටේහියුන්!...

ලස්සන පැහැදිලි ලොකු ඇස් තිබුන හුරුබුහුටි කඩවසම් තරුණයෙකුගේ කම්මුල් ආදරෙන් සිපගනිමින් ජිමින් ඉස්සරහ හිටගෙන ඉන්න ටේහියුන්!!...

ජිමින් දිගටම ඔවුන් දිහා බලන් හිටියා..ටේහියුන් අනිත් තරුණයාගේ නලල සිපගෙන ඔහුව තදින් තුරුල් කරගත්තා..ජිමින්ගේ හදවත වේදනාවෙන් කෑගහන්න ගත්තේ තවත් දරාගන්න බැරි නිසා..

"පරිස්සමෙන් ජන්කුක්!...මම පුලුවන් හැම වෙලාවෙම ඔයාව බලන්න එන්නම්.."

හුරුබුහුටි තරුණයාගේ ඔලුව අතගානගමන් ටේහියුන් ලස්සනට හිනාවෙලා කිව්වා..
ඔහුත් ටේහියුන් එක්ක ගොඩක් ලස්සනට හිනාවුනා..ටේහියුන්ගේ කම්මුලින් කෙටි හාදුවක් තියපු ඔහු තරමක් විශාල ඇදුම් බෑගයකුත් අරගෙන එතනින් යන්න ගියා..

ජිමින්ට තවත් එතන ඉන්න කිසිම ඕනකමක් තිබුනෙ නැහැ...ඇස් වලන් තාමත් ගලාගෙන යන කදුලු නතර කරන්න උත්සාහ නොකරමින් ඇවිදගෙන ගියා..

Reflection || VMIN [ Completed ✔]Where stories live. Discover now