Chapter 07

269 100 3
                                    

"ඩෙරික්!.."

"ජිමින් ඔයාට නින්ද ගිහින් තිබුන නිසා මම ඇරවන්න ආවේ නැහැ..සමාවෙන්න ඔයාගේ නින්ද මම නිසා.."

"ඒකට කමක් නැහැ..ඔයා මොනවද කරන්නෙ??.."

ජිමින් ඔලුවත් ටිකක් ඇල කරලා ඇහුවේ ලොකු රාමු කරපු පින්තූරයක් අතේ තියාගෙන ඉන්න ඩෙරික්ගෙන්..

"ගෙදර ටිකක් අස් කරලා දැම්මා..දූවිලි හැමතැනම.."

පින්තූරේ හෙමීට පුටුවකට හේත්තු කරන ගමන් ඩෙරික් කිව්වා..

"අහ් ඒක ඇත්ත..මට ඒ දේවල් මග ඇරුනා ඩෙරික්...ඉන්න මම ඔයාට උදව්.."

ජිමින් ඉක්මනට ඉදගෙන ඉන්න තැනින් නැගිටලා ඩෙරික් ලගට යන්න හැදුවේ ඔහු දවස පුරාම මහන්සි වෙලා වැඩ කරලත් තවත් මෙහෙම මහන්සි වෙන එක ගැන අකමැත්තෙන්..

"එපා දැන් ඉවරයි..මේක එල්ලන්න විතරයි තියෙන්නෙ.."

ඩෙරික් යන්තම් හිනාවෙද්දි ජිමින් ඔලුව වනලා ඔහුට එකග වුනේ තමන් හිටගෙන ඉන්න රවුම් ලී මේසෙ උඩ තියෙන මලකඩ කාපු අඩු මිටියත් යකඩ ඇණයත් අතට අරන් ඩෙරික් අතට දෙමින්..

"ඔයා අවේ කීයටද??"

"දැන් පැය දෙකක් විතර වෙනවා.."

බිත්තියට තද කරපු ඇණයට වේගයෙන් මිටියෙන් පහරක් ගහන ගමන් ඩෙරික් හෙමීට කිව්වා..

"ඉතිං ඒ ටික වෙලාවට ඔයා මේ සේරම අස් කලාද??..ඔයාට මහන්සි නැද්ද??..මට නින්ද ගියානේ දැන් වෙලාව කීයද??..ඔහ් ඔයා කෑම කෑවද?"

ජිමින් කලබලෙන් කියෙව්වා..ඩෙරික් නලල හකුලමින් ජිමින් දිහා බලන් හිටියා..

"ජිමින් ඔයා හොදින්ද??.."

ඩෙරික් යන්තම් හිනාවෙලා සිහින් හඩකින් ඇහුවා..

"ම..මම..ඔව් අනිවාරෙන්ම මම හොදින්..ඇ..ඇයි එහෙම නොවෙන්නෙ??.."

ජිමින් හිත ඇතුලෙන් නොසන්සුන් වෙලා..ඩෙරික්ගෙ මුහුනෙ කලාතුරකින් ඇදෙන හිනාව..ගැඹුරු කටහඩ..ඔහුගේ වැඩුන සිරුර..හැමදේම ජිමින්ව කලබල කලා.."

"දැන් වෙලාව රෑ දහයයි ජිමින්.."

ඩෙරික් එහෙම කියන ගමන් මිටියත් අරන් එතනින් යන්න ගියා..

කාලය ටිකෙන් ටික ගෙවිලා යද්දි ජිමින්ගේ හැගීම් තවත් අමුතු විදියට ඔහුට දැනෙනන ගත්තේ කලබලකාරී විදියට..

කිසිම දවසක ජිමින් ටේහියුන්ටවත් ටේහියුන් ජිමින්ටවත් ලං වෙන්නවත් අදුරගන්නවත් උත්සාහ නොකර හිටියා..ඒත් ටේහියුන් දකිනකොට දැනෙන හුරුපුරුදු ගතිය..ආදුනික හැගීම් ජිමින්ට තාමත් අපැහැදිලියි.. 

Reflection || VMIN [ Completed ✔]Where stories live. Discover now