Chapter 09

247 98 3
                                    

"කොහොමද ජිමින්??.."

ජිමින් අහන්නවත් අකමැති කටහඩක් කොලේජ් එකේ උඩම තට්ටුවේ බැල්කනි එකට ගිය ගමන් ඔහුගේ පිටිපස්සෙන් ඇහුනා..

"ජෝන්!.."

ජිමින් ඇහිබැමක් උස්සලා ඇහුවා..

"ඔව්...ඉතිං කොහොමද ඔයාට..දැන් ඇති නේද ජිමින් මගෙන් පැනලා දිව්වා.."

ඔහු කටකොනකින් හිනවුනා..හොදින් වැඩුන පුද්ගලයෙක් වුන ඔහුට ජිමින්ට වඩා ශක්තිමත් පෙනුමක් තිබුනා..

ජෝන් ටිකෙන් ටික ජිමින්ට ලංවෙනවත් එක්කම ජිමින් අඩියෙන් අඩිය පස්සට ගියේ හිතේ තිබුන බය නිසා වගේම අසරණකම නිසා..ජිමින්ගේ නලල දෙපැත්තෙන් දහඩිය බේරෙන්න ගත්තා..

"වහින්න වගේ නේද??..ඒ තරම් රස්නයක් නැහැනෙ ජිමින්.."

ඔහුගෙන් දහඩිය බේරෙන නිසා ජෝන් කටකොනකින් හිනාවෙලා එහෙම කිව්ව බව ජිමින් දන්නවා..
ජිමින් වචනයකක්වත් කතා නොකර ඔහුගෙන් ගැලවෙන්න උත්සාහ කලත් ඔහු තවත් ජිමින්ට ලංවුනා..

"ඒ කෙල්ලත් මැරුනා එහෙනම්..මම සතුටු වෙනවා ජිමින්..ඒ ගැන  සමාවෙන්න..ඔයා හරිම ලස්සනයි ජීමින්.."

ඔහු ජිමින්ගේ ඉනවටේ අත් යවමින් ගොඩක් තදින් ඔහුව අල්ලගෙන හිටියේ වේදනාව වැඩි කමටම ජිමින්ගේ ඇස් වල කදුලු පිරෙද්දි..ඔහුගෙන් ගැලවෙන්න උත්සාහ කලත් එය අසාර්ථක උත්සාහයක්...

ඒත් එක්කම පඩිපෙල දිගේ ඇසුන වේගවත් අඩි සද්දය නිසා කලබල වුන ජෝන් ජිමින්ව බිමට තල්ලු කරලා එතනින් ඉක්මනට දුවලා ගියේ වුනේ මොකද්ද කියලවත් හිතාගන්න බැරුව ජිමින් එහෙමම බිම වැටිලා ඉන්න අතරමයි..

"ජිමින්.."

"ෆ්‍රෙඩ්..ඔ..ඔයා කොහෙද ගියේ??..මම බයවුනා..මං හිතුවෙ ඔයා මෙතන ඇති කියලා.."

ජිමින් ෆ්‍රෙඩ්ව තදින් වැලදගෙන කිව්වා..ජිමින්ගේ අත් වෙව්ලනවා ෆ්‍රෙඩ්ට දැනුනා.

"මම මෙතන??..කවුද ඔයාට එහෙම දෙයක් කිව්වේ??..මම ආවේ ඔයාගේ බ්‍රේස්ලට් එක පඩිපෙළ ලග වැටිලා තිබුන සැකේට.."

ජිමින් ඒත් ෆ්‍රෙඩ්ගෙන් ඈත් නොවී හිටියා..ජිමින් තාමත් හිටියේ බයෙන් වගේම කලබලෙන්..ඇස් වල තාමත් කදුලු පිරිලා කදුලු කැට වැටෙන්න ඔන්න මෙන්න තිබුනා..

"එන්න දැන් අපි යමු.."

ජිමින්ව ඈත් කරලා ෆ්‍රෙඩ් පඩිපෙළ බැහැගෙන පහලට ගියේ ජිමින් පිටිපස්සෙන් එනවා කියලා හිතාගෙන..

ඒත් ජිමින් තාමත් බැල්කනි එකේ මැද නැවතිලා දෙපැත්තෙන් තියෙන පඩිපෙල් දෙක දිහා විමසිල්ලෙන් බලාගෙන හිටියා..

"එ..ඒක මටත් ඇහුනා..මට විශ්වාසයි කවුරුහරි මෙතෙන්ට එන්නයි ආවේ...ඒකත් මේ පඩිපෙල දිගේ තමයි ඇහුනේ...ඒත්..ඒත් ෆ්‍රෙඩ් ආවේ අනිත් පඩිපෙලෙන්...එතකොට ජෝන් ගියෙත් ෆ්‍රෙඩ් ආපු පැත්තෙන්..එතකොට කවුද මෙතනට ඇවිල්ලත් ආයිත් හැරිලා ගියේ??...කවුරු වුනත් ඔයා අද මාව බේරගත්තා.."

Reflection || VMIN [ Completed ✔]Where stories live. Discover now