Chapter 03

348 109 5
                                    

එහෙත් ඔහුගේ මුහුනේ ඇදුනේ සිනහවක්...ජිමින් කලබල වෙලා හිටියත් ඔහු හරිම සන්සුන්..ජිමින් හිත ඇතුලින් තවත් නොසන්සුන් වුනේ ඔහුගේ හැසිරීම තේරුම් ගන්න බැරි වුන නිසා..

"මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි සර්..ෆ්‍රෙඩ්ගේ පවුලේ අය අපිට ගොඩක් උදව් කරලා තියෙනවා...එයා මගෙන් ඉල්ලුවෙ උදව්වක්..ඔයා කැමතිනම් මට ඔයා එක්ක ඉන්න පුලුවන්.."

ඔහු යන්තම් හිනාවුනා..

"ඔයාගේ නම?.."

ජිමින් සිහින් හඩකින් කතාකලේ ඔහුගේ ඇස් මගහරිමින්..නාදුනන පුද්ගලයෙක් වුනත් ජිමින්ට ඔහු ගැන අවිශ්වාසයක් හිතේ ඇති නොවෙන තැනට ඔහුගේ හැගීම් ගැන අමුතු විදියට දැනෙන්න ගත්තා..

"ඩෙරික්..මගේ නම ඩෙරික් ජිමින් සර්.."

"ඔහ්..මට සර් කියන්න ඕන නැහැ...ජිමින් කියලා කතා කරන්න.."

ජිමින් මලානික හඩකින් කිව්වා..

"ඔයාගේ කැමැත්තක්..ජිමින්"

"එන්න...ඔයාට කැමති කාමරේකට යන්න..කාමර තුනෙන් මැද කාමරේ දොර විතරයි ලොක් කරන්න පුලුවන්.."

ජිමින් දොරත් ඇරගෙන ඇතුලට යනගමන් කිව්වා..

"සර් ඉන්නේ කාමරේ නැතුව අනිත් දෙකෙන් එකකට මම යන්නම්.."

ඩෙරිල් ජිමින් දිහා බලලා විමසිල්ලෙන් කිව්වා..

"ම්..මේකයි..මම කාමර තුනේම හිටියා...ඉතිං.."

ජිමින් ගොත ගහද්දි ඩෙරික් යන්තම් හිනාවුනා..

"හොදයි...සර් මැද කාමරේ ඉන්න..මට ඕන තැනක ඉන්න පුලුවන් ප්‍රශ්නයක් නැහැ.."

"මටත් ඕන තැනක්!..ඔයා කියන දෙයක් තමයි..අනික සර් කියන්න එපා.."

ජිමින් ටිකක් තදින් ඔහුට කිව්වත් ජිමින්ගේ හැසිරීම හුරතල් වගේම දගකාර විදියට ඔහුට පෙනුනා..

"ඔයා මොනවද ඔය කරන්නෙ??.."

ඈනුමක් අරිමින් ජිමින් ඩෙරික්ගෙන් ඇහුවේ ඇස් දෙකත් පොඩි කරන ගමන්..

"ඔයාට නින්ද ගියා නේද??..මම ඔයාගේ කැඩිලා තිබුන ජනෙල් ටික හැදුවා..ඔයා මෙහෙමද හිටියේ??.."

ඩෙරික් එක දිගට කතා කලත් ජිමින්ගේ ඇස් අතරමං වෙලා තිබුනේ ඔහුගේ කඩවසම් සිරුරෙ වගේම කොට කලිසමකට එකක්ට සැහැල්ලු කමිසයක් ඇදගෙන අවුල් වුන හිසකෙස් අතරින් නලල දිගේ බේරෙන දහඩිය සමග අඩුමිටියක් හා නියනක් අතේ තියාගෙන ඉදපු ඩෙරික්ගේ හැඩි දැඩි සිරුර මනාව කැපී පෙනුන නිසා..

"ඔව්...මාව කවුරුත් උස්සගෙන යන්නෙ නැහැනෙ ඉතිං..මං ඒත් හිතුවේ ඔයාගේ දොරේ අගුලවත් හැදුවද කියලා..අහ්ම්..ඒක නෙමෙයි ඔයාගේ පවුලේ තව කවුද ඉන්නෙ ඩෙරික්??.."

ජිමින්ගේ හිතේ ගොඩක් වෙලා ඉදගෙන තිබුන ප්‍රශ්නයක් ඔහු ඩෙරික්ගෙන් ඇහුවේ හිතේ තිබුන කුතුහලේ නිසාමයි..

Reflection || VMIN [ Completed ✔]Where stories live. Discover now