"හරි හැමදේම හරි කියමුකො..ඒත් ඇයි එකපාරටම දාලා ගියේ??...ඔයාට පොඩ්ඩක්වත් මාව මතක් වුනේ නැද්ද??.."
ජිමින්ගේ ඇස් වල කදුලු පිරිලා කටහඩ වෙව්ලන්න ගත්තා...ටේහියුන් ජිමින් දිහා බැලුවේ වේදනාවකින්..ජිමින්ට ඒක හොදටම දැනුනා..
"කියන්න ටේහියුන්.."
ජිමින් බිදුන හඩකින් ඇහුවා..
"අපේ අම්මා අපිව දාලා ගියා ජිමින්..මට වෙන කරන්න දෙයක් තිබුනෙ නැහැ...මට ජන්කුක්ගේ හිත හදන්න ගොඩක් අමාරු වුනා..මමත් පුලුවන් කමකට මෙහෙම ඉන්නවා නෙමෙයි ඒත් මම මගේ කුකී ගැන හිතන්න ඕන..අපිට හිටියෙ අම්මා විතරයි..දැන් මගේ කුකීට ඉන්නෙ මං විතරයි...එයා ලොකු වුනාට තාම ගොඩක් පොඩී ජිමින්..එයාට ඕන හොදට ඉගෙනගන්න...මම අමාරුවෙන් හරි එයාව මගෙන් ඈතට යවන්න හිත හදාගත්තෙ වෙන කරන්න දෙයක් නැති නිසා..මම ඔයාටත් රිද්දුවා ජිමින් සමාවෙන්න මට.."
ටේහියුන්ගේ වේදනාව වචන වෙලා පිටවෙද්දි ඔහුගේ උනුසුම් කදුලු කැට ජිමින්ගේ සිනිදු අත් උඩට වැටුනා..ජිමින් හෙමීට ටේහියුන්ගේ මුහුන අත් අතරට අරගෙන ඔහුගේ සිනිදු අත් වලින් ටේහියුන්ගේ කම්මුල් පිරිමදින්න ගත්තා..
"ඇයි මේ හැමදේම තනියම දරාගන්න ඔයාට ඕන වුනේ ටේහියුන්??..ඔයාට ඇයි මාත් එක්ක මේ දේවල් කියන්න බැරි වුනේ??...මම ඔයාගේ කවුරුත් නෙමෙයිද??"
ජිමින් එක අතක් හෙමීට ටේහියුන්ගේ හිසකෙස් අතරින් අරගෙන ගියා..ටේහියුන් නිහඩවම බිම බලාගත්තා..
"කාටද පුලුවන් තමන් ආදරේ කරන කෙනා ටික වෙලාවකට හරි වේදනාවෙන් ඉන්නවා බලන්න ජිමින්..."
ටේහියුන් ජිමින්ගේ අත් තදින් අල්ලාගෙන කිව්වා...ජිමින්ගේ කොදුඇට පෙල දිගේ හිරිවැටිලා ගියේ ටේහියුන්ගේ වචන නිසා..
"ආදරෙයිද ඔයා මට??...ඔයා දැන් එහෙම කිව්වා..මට හොදටම ඇහුනා..කියන්න ටේහියුන්..ඔයා දැන් ඒක නේද කිව්වේ??.."
ජිමින් නොසන්සුන් වෙලා කලබලෙන් වගේ ටේහියුන්ගේ උරහිස් වලින් අල්ලගෙන එකම දේ අහන්න පටන් ගත්තා..
ජිමින්ගේ කම්මුල් තදින් අල්ලගත්ත ටේහියුන් ඒ සිනිදු තොල් තමන්ගේ පහසට නතු කරගත්තේ හිතන්නවත් කාලයක් නොගිහින්..ටික වෙලාවක සිපගැනීමකින් පසුව ජිමින්ගෙන් ඈත් වුන ටේහියුන් ජිමින් දිහා බලලා කට කොනකින් යන්තම් හිනාවුනේ ඒ පිරුන කම්මුල් දැනටමත් රතුවෙලා තිබුන විදිය දැකලා..
"ජිමින් ඔහොම වෙන්න එපා..ඔයා මගේ පාලනේ නැතිකරන්න හදන්නේ.."
රතුවෙලා ලැජ්ජාවෙන් බිම බලන් ඉන්න ජිමින්ගේ කනට කරලා ටේහියුන් රහසින් වගේ කිව්වේ ඒ ගැඹුරු කටහඩ තවත් සරාගී කරලා..ජිමින්ට ටේහියුන්ගේ ඇස් දිහා කෙලින් බලන්න බැරි තරම් අපහසුතාවට පත්වුනා..