ජිමින් අඩි සද්දය ඇහුන පඩිපෙල දිගේ හෙමීට පහලට බැහැගෙන ගියා..
ජිමින්ගේ තොල් අතර හිනාවක් ඇදුනෙ ඉබේටමයි..
"ඔයා කවුරු වුනත් මම හොයාගන්නවා..මේ සපත්තු ගාන්චුව ඔයාගේ...මම මෙතනට ආවෙත් මේ පඩිපෙල දිගේ..මෙහෙම දෙයක් තිබුනෙ නැහැනෙ...එතකොට මේක ඔයාගේ..ඇයි හැංගෙන්නෙ ඇත්තටම කවුද ඔයා??.."
ලොකු හුස්මක් පහලට දාපු ජිමින් බිම වැටිලා තිබුන ගාන්චුවත් සාක්කුවට දාගෙන එතනින් නැගිටලා යන්න ගියා..
"ඩෙරික්..ඔයා වැඩ කරන රෙස්ටූරන්ට් එක මොකද්ද??.."
"වයිට් හවුස් එක ජිමින්.."
ජිමින්ගේ මුහුනෙ ඇදුනෙ ජයග්‍රාහී හිනාවක්..සති ගානක් තිස්සේ ජිමින් මේ ප්‍රශ්නෙ කිහිප වතාවක්ම ඩෙරික්ගෙන් ඇහුවත් ඔහු උත්තර නොදී හිනාවෙලා යන්න ගියා...
ඒත් මේ වෙලාවේ ඩෙරික් හිටියේ වැදගත් වැඩකට අවධානය දීලා නිසා ජිමින් අහපු දේට ඔහුගෙ කටින් ඉබේටම වචන පිටවුනා.."හ්ම්ම්..ඔයා කන්නෙ නැද්ද??.."
"ඔයා මොනාහරි කලින් ඇහුවද??"
ඩෙරික් නොසන්සුන් පෙනුමකින් ඇහුවා...ජිමින් අහපු ප්‍රශ්නෙවත් තමන් දීපු පිලිතුරවත් ඔහුට මතක නැති බව ජිමින්ට තේරුනා..
"ම..මම ඇහුවේ ඔයා කන්නෙ නැද්ද කියලා.."
ජිමින් ඩෙරික්ගේ ඇස් මග අරින ගමන් කිව්වා..
"බඩගිනි නැහැ.."
ඩෙරික් ඔහුගේ අතේ තිබුන කඩදාසි කොල ටිකට අවධානය දෙන ගමන් කිව්වා..
"හ්ම්ම් හරි.."
ජිමින් ඩෙරික්ටත් ගස්සගෙන එතනින් යන දිහා ඩෙරික් බලන් හිටියේ මුහුනේ ඇදුන හිනාවකින්..
"ඔහ් ගෝඩ්!...ෆ්‍රෙඩ් මට ඒක කරන්න බැරිවුනා..මම ආයිත් ෆේල් වෙයි.."
අතේ තිබුන ෆයිල් එක තදකරගෙන ජිමින් බිම බලාගත්තා..
"ජිමින් ඔයා..ඕක අරගෙන මෙහාට එන්න..."
මහාචාර්යවරයා ජිමින්ට උස් හඩින් කතා කලා...ෆ්‍රෙඩ් මුකුත් කියන්න කලින්ම ඔහු නැගිටලා හෙමීට ඉස්සරහට ඇවිදගෙන ගියා..බිම බලාගෙනම අතේ තිබුන ෆයිල් එක ජිමින් ඔහු අතට දුන්නා..
විනාඩි ගානක නිශ්ශබ්දතාවයෙන් පස්සේ මහාචාර්යතුමා ජිමින් දිහා බලලා හිනාවුනා..
"ගොඩක් හොදයි ජිමින්...ඔයා හොදට කරලා..කොහොමහරි ඉතුරු ටිකටත් හොදට ලකුනු ගන්න බලන්න.."
ජිමින් බලාපොරොත්තු නොවුන ප්‍රතිචාරයක් නිසා ඔහු පුදුම වුනා වගේම කලබල වුනා..
"ම්..මොකද්ද??.."
ජිමින් අමාරුවෙන් ඇහුවා..
ඔහු හෙමීට තමන්ගේ පුටුවෙන් වාඩිවෙලා ඇස්පිය නොගහා බලන් හිටියේ තමන් අතින්වත් අල්ලපු නැති ඒත් දැන් සම්පූර්ණ වෙලා තියෙන ෆයිල් එක දිහා..
"කොහොමද එහෙම වුනේ??"
ජිමින් කල්පනා කලා..ඔහුට සිදුවෙන දේවල් පුදුමයක්...හැමදේම ආයිත් පටලැවිල්ලක් වෙලා..
"ඇත්තටම කොහොමද එහෙම වුනේ??"
මහාචාර්යවරයාගේ උස් හඩට ජිමින් සිහියට ආවා..