Chapter 15

250 99 5
                                    

"ජිමින්..!"

ජිමින් අමාරුවෙන් ඇස් අරිනවත් එක්කම ඔලුව ඇතුලෙන් දරාගන්න බැරි වේදනාවක් දැනුනා..ඊටත් වඩා ඔහුගේ හදවත රිදෙන්න ගත්තා..ඒ ගැඹුරු කටහඩේ අයිතිකාරයා තමන්ගේ අත තදින් අල්ලගෙන ඇද ලග තිබුන ලී පුටුවේ වාඩිවෙලා ඉන්නවා..ජිමින් ඔහු දිහා බලලා කදුලු වලින් පිරුන දෑස් ඔහුගෙන් මගහරින්න උත්සාහ කලා..

"ඔයා හොදින්ද ජිමින්??...මම බයවුනා..ඔයාට එකපාරටම සිහිය නැතිවුනේ ඔයා අසනීපෙන් නෙමෙයි නේද??.."

ජිමින් ටේහියුන් දිහා බලාගෙන හිටියා..ඒ ඇස් වල කදුලු පිරිලා...ජිමින් ඔහුගේ කදුලු ගැන නොහිත අහක බලාගත්තා..

"ඇයි ඔයා මං ගැන වදවෙන්නෙ??"

ජිමින් අහක බලාගෙනම බිදුන කටහඩකින් ඇහුවා..

"ඔයාට එදා කිව්වා ඔයා ගැන මම වද වෙනවා කියලා ජිමින්.."

ටේහියුන්ගේ කටහඩ වෙව්ලන්න ගත්තා...ටේහියුන් අඩනවා කියලා ජිමින් දන්නවා..ජිමින් තරහෙන් ඔහු දිහා බැලුවා..

"ඔයා කවදද ටේහියුන් මම ගැන වදවෙනවා කියලා කිව්වේ??..මම ගැන වදවුනේ ටේහියුන් නෙමෙයි ඩෙරික්!!.."

ජිමින් උස් හඩින් කිව්වේ පාලනයක් නැතුව කදුලු බේරෙද්දි..ටේහියුන් බිම බලාගත්තා..

"මට සමාවෙන්න ජිමින්.."

ජිමින් ආවේගයෙන් ටේහියුන්ගේ අත ගසලා දැම්මා..ජිමින්ට තවත් ඒ ඇස් දිහා බලන එක වේදනාවක් විතරක්ම වුනා..

"ඔයා ඇයි සමාව ඉල්ලන්නෙ ටේහියුන්??..මමයි වැරදි...මගේ හැගීම්...ඒවා තමයි මේ හැමදේටම මුල...ඔයා කවදාවත් මං ගැන එහෙම හිතුවෙ නැහැනෙ..ඉතිං ඔයා වැරදි නැහැ...ඩෙරික් විදියට නැතුව ඔයාට ටේහියුන් විදියටම මගේ ලගින් ඉන්න තිබුනා...හැමදේම මගේ වැරදි..ඔයාට ආදරේ කරන කෙනෙකුත් ඉන්නවා..ඔයා මට අයිති කෙනෙක් නෙමෙයි ටේහියුන්..මට සමාවෙන්න...ඒත්...ඒත් මම ඔයාට ආදරෙයි.."

ජිමින්ගේ කදුලු තවත් වැඩිවුනා..ටේහියුන් ජිමින් දිහා ගොඩක් අසරණ විදියට බලන් හිටියා...ඔහු ජිමින්ව තමන්ගේ පපුවට තුරුල් කරගත්තේ ඇස් පියාගෙනමයි..

"මම කාටද ජිමින් ආදරේ කරන්නෙ??.."

ටේහියුන් ජිමින්ව තුරුල් කරගෙනම ඇහුවා..

"ඇයි ඔයා ඒක මගෙන් අහන්නෙ ටේහියුන්??"

කදුලු අතරින්ම ජිමින් යටි තොලත් හපාගෙනම හිතුවා..මොනතරම් වේදනාවක් වුනත් ටේහියුන්ගේ උනුහුමෙන් ඈත් වෙන්න ජිමින්ට ඕන වුනේ නැහැ..

"ජන්කුක්...මම එයාව දැක්කා ටේහියුන්..මට..මට ගොඩක් රිදෙනවා ඒත් මම සතුටු වෙන්නම්.."

ටේහියුන් ජිමින්ව ටිකක් ඈත් කරලා ජිමින්ගේ ඇස් දිහා කෙලින් බැලුවා..

"මම ජන්කුක්ට ගොඩක් ආදරෙයි ජිමින්..."

ටේහියුන් හෙමීට ඔහුගේ ගැඹුරු හඩින් ස්තීරවම කිව්වා..ජිමින් කදුලු පිරුනු දෑස් බිමට නවාගෙන ටේහියුන්ව මගඇරියා..

"මගේ දිහා බලන්න ජිමින්..ඔයා මාව මග අරිනවා.."

ටේහියුන් තදින් කිව්වා..ජිමින් ඇස් වල කදුලු පුරවන් ටේහියුන් දිහා බැලුවා..

"ජන්කුක් මගේ එකම සහෝදරයා..මට දැන් ඉන්නෙ එයා විතරයි...මම එයාට ආදරේ කරන එක වැරදිද ජිමින්??"

ටේහියුන් ජිමින්ගේ සිනිදු කම්මුලක් හෙමීට පිරිමැදිමින් ඇහුවේ ජිමින් ඇස් දෙකත් ලොකු කරන් ටේහියුන් දිහා බලන් ඉන්න අතරෙමයි..

Reflection || VMIN [ Completed ✔]Where stories live. Discover now