Chapter 21

486 106 35
                                    

"ෆ්‍රෙඩ් පුදුම වුනා නේද??"

ටේහියුන්ගේ අතින් අල්ලාගෙන කොලේජ් එකේ ගේට්ටුවෙන් එලියට එනගමන් ජිමින් හිනාවෙලා කිව්වා..

"එයා පුදුම වුන පුදුමයක් නෙමෙයි ජිමින්.."

ටේහියුන් යන්තම් හිනාවුනා..

ජිමින්ගේ චූටි ඇගිලි තමන්ගේ දිග ඇගිලි අතර පටලවගෙන ටේහියුන් හෙමීට පාර දිගේ ඇවිදගෙන ගියා..තමන් සම්පූර්ණයි කියලා ටේහියුන්ට දැනුනා..සමහරවිට ජිමින් තමන්ව හොයාගෙන ආවේ නැති වුනානම් තාමත් හැංගුන හැගීම් එක්ක තමන් මොනතරම් දුක් විදිනවද කියලා ටේහියුන් කල්පනා කලා..ජිමින්ට ඔහු හිතින් දහස් වරක් ස්තූති කලා වගේම තමන් ගැන පසුතැවුනා..තමන් නිසා ජිමින්ට මොනතරම් රිදුනද කියලා මතක් වෙන වාරයක් ගානෙ ටේහියුන් හිතින් විදෙව්වත් ජිමින් ඒ හැම වේදනාවක්ම මොහොතකින් නැති කරලා දැම්මා..ජිමින්ගේ හුරතල් හිනාව ටේහියුන්ට මායාවක්..

"ඇයි ඔයා ජෝන්ට ගැහුවේ ටේහියුන්??.."

ජිමින් බිම බලාගෙන අහද්දි ටේහියුන් ඇස් පියාගෙන ලොකු හුස්මක් පිටකලා..

"ඔයා ඉස්සරහ මම මාව පාලනෙ කරගන්න ඕන නිසයි එදා මගදි හැරිලා ගියේ ජිමින්..ඒත් එයා ඔයාව ඇල්ලුවා..ඔයාට.."

"ඔහ් ගෝඩ් ටේහියුන්!..ඔහොම තරහ ගන්න එපා..ඔයා ඕනවටත් වැඩිය එයාට දඩුවම් කරලා..දැන් ඒක අමතක කරන්න.."

ටේහියුන්ගේ නහර ඉලිප්පිලා තිබුන අත තදින් අල්ලගෙන ජිමින් ඔහුව සන්සුන් කරන්න උත්සාහ කලා..

ජිමින්ගේ අතින් අල්ලගෙන ගෙන දිගටම ඇවිදගෙන ඇවිත් ටේහියුන් නතර වුනේ ගග අයිනෙ තිබුන මාපල් ගහක් යට..

සීතල හුලග..ගංගාවේ මිහිරි සංගීතය...ලස්සනට පිපුන ලිලී මල්..හැමදේම ලස්සන හැගීමක්..

"තාත්තේ...ස්තූතියි ඔයාට.."

ජිමින්ගේ තොල් අතර ඇදුනේ ආදරණීය හැගීම් වලින් පිරුන ලස්සන හිනාවක්..ටේහියුන් ඒ හිනාව දිහා ගොඩක් ආදරෙන් බලන් හිටියා..

"ලස්සනයි නේද ජිමින්..මට හැමදාම ඕන වුනා මේ වගේ ජීවත කතාවක්..හැමදේම සම්පූර්ණයි..මගේ ජන්කුක්!..එයා එහෙම වගකීමෙන් වැඩ කරන එක ගැන මට ලොකු සැනසීමක් දැනෙනවා..මට දැන් ලොකු නිදහසක් දැනෙනවා..ඔයා ඉන්නවා නේද හැමදාම මගේ ලගින්ම ජිමින්??.."

ටේහියුන් ලස්සනට හිනාවුනත් ඒ ඇස් බලාපොරොත්තු වලින් පිරිලා..ජිමින් ටේහියුන්ගේ අතින් තදින් අල්ලගෙන ලස්සනට හිනාවුනා..

"ජිමින්..නගින්න.."

එක දනහිසක් බිම තියාගෙන ටිකක් පහත් වුන ටේහියුන් තමන්ගේ කරට නගින්න කියලා ජිමින්ට කිව්වේ ජිමින් පුදුමෙන් ඔහු දිහා බලන් ඉන්න අතරෙමයි..

ජිමින් ඇස් දෙකත් ලොකු කරගෙන බලන් ඉදපු නිසා ටේහියුන් ජිමින්ව කරෙන් තියාගෙන හෙමීට ඉස්සරහට ඇවිදගෙන ගියේ ජිමින්ගේ මූනේ ලස්සන හිනාවක් ඇදෙද්දි..

"අපි මේ කොහෙද යන්නෙ ටේහියුන්??.."

ටේහියුන්ගේ කම්මුලක් සිනිදුවට සිපගනිමින් ජිමින් ඇහුවා..

"මාලූ බාන්න..ඔයා ආසයි නේද??.."

ටේහියුන් හිනාවුනා..ඒ හිනාව හරිම නිහතමානී..අවංකයි..ආදරණීයයි..ලස්සන හැගීම් වලින් පිරිලා තිබුනා..

"ඔව් ගොඩක් ආසයි.."

ජිමින් හිනාවෙලා කිව්වා..ඒ අහිංසක හිනාව ආදරණීය හැගීම් වලින් වලින් වගේම ලස්සන මතකයන් වලින් පිරිලා..

යන්තම් කඩාගෙන හැලෙන වැහිපොද අතරින් ඔවුන් ඉස්සරහට ඇවිදගෙන ගියේ ඔවුන්ගේ උනුසුම් හුස්ම පවා එකිනෙකාට දැනෙන්න ඉඩහරිමින්..

"මම මේ අවසානයට ගොඩක් ආදරෙයි තාත්තේ..ඒක හරිම ආදරණීයයි...මම ගොඩක් සතුටින්..මගේ දිහා ඈත ඉදගෙන බලාගෙන ඉන්න.."

ජිමින්ගේ අතින් ඔහුගේ දිනපොතේ ලියවුන අන්තිම වචන ටික මෙය වුනා..

                         
                         _End_

හායී රීඩර්ස්..

මට නිකන් හිතුන ස්ටෝරි එකක් මේක කලින් හිතලා ලියපු එකක් නෙමෙයි..

හිතට එන එක තමයි මම ලියන්නෙ ඉතිං අඩුපාඩු තිබුනනම් sorry ඇත්තටම🙃

VOTE කරපු හැමෝටම ගොඩක් ස්තූතියි😍❤️

Reflection || VMIN [ Completed ✔]Where stories live. Discover now