Chapter 08

259 102 3
                                    

"මගේ හැගීම් මේ තරම් අසරණ කරලා ඔයා හරිම නිශ්ශබ්දයි...ඒක වැරදී..මම කැමති මට කාලයක් නොතේරුන අමුතු හැගීම් තාමත් තේරුම් ගන්න බැරි වුනානම්..ඒත් අවාසනාවකට මට ඒවා තේරෙනවා..ඔයාගේ හැගීම් මොනවද??..මට තේරුම් ගන්න අමාරුයි..ඔයා ඒ තරමටම නිශ්ශබ්දයි..ඒක අසාධාරණයි..ඒත් මම ඔයාට ආදරෙයි ඩෙරික්.."

පිරුන කම්මුල්..දිලිසෙන ඇස්..ලස්සනට වැවුන තඹ කොන්ඩෙ..රෝස දෙතොල්...කිරිගරුඬ පාට දිලිසෙන හම..සිහින් ඉන...ඔහු ලස්සනයි..මාස දෙකකට කලින් ඉදපු මලානික තරුණයා දැන් හරිම පිරිපුන්..ආදරණීයයි..හුරතල්...ඔහුගේ අහංකාර හදවත ශක්තිමත් සාමාන්‍ය තරුණයා අයිති කරගෙන..

මාපල් කොලයක් තරුණයාගේ ගග දෙසට දික් කරගෙන ඉන්න අත උඩට වැටුනා..හුලං පහර ගොඩක් සීතලට ඔහුට දැනුනා..අන්ධකාරයක් නොතිබුනත් පාලු බවක් දැනුනා..ඔහු නිහඩවම ඉස්සරහට ඇවිදගෙන ගියා..

"ජිමින් උදෙන්ම කොහෙද ගියේ??මම බයවුනා.."

ජිමින් ලස්සනට හිනාවුනා..

"වචන දෙක තුනකට වඩා කතා නොකරන සන්සුන් ශක්තිමත් තරුණයා දැන් නොසන්සුන් වෙලා..ගොඩක් කලබල වෙලා..ඇයි ඒ??..මට ඔයාව තේරුම් ගන්න ඕන.."

ඩෙරික් දිහා බලාගෙන ජිමින් හිතුවා..ඩෙරික්ගේ ඇස් වල බයක් පෙනුනා...හරිම කලබලකාරි බවක් තිබුනා...ජිමින්ට හිත ඇතුලෙන් ලොකු සතුටක් දැනුනා..ඔහු නොදැනුවත්වම සිනිදු කම්මුල් රතු වුනා..

"මම රෙස්ටූරන්ට එකට යනවා ජිමින්..පරිස්සමෙන් යන්න.."

ඔහු ජිමින්ට ලංවෙලා ජිමින්ගේ සිනිදු කම්මුලක් හෙමින් පිරිමැද්දා..

ජිමින්ගේ හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා..

ඩෙරික්ගේ උනුසුම් හුස්ම තමන්ට දැනෙන තරමටම ලංවුන ජිමින් ඇගිලි තුඩු වලින් යන්තම් ඉස්සිලා හොදටම රැවුල වැවිලා කම්මුල් අපහැදිලි වුන මූනේ එක කම්මුලකට ඔහුගේ සිනිදු සීතල තොල් තදකලා..

ඩෙරික්ගේ ඇස් වල තිබුනෙ අදහගන්න බැරි බවක්...ඔහු පුදුමවෙලා ජිමින් දිහා බලන් හිටියා..ජිමින් හෙමීට බිම බලාගත්තේ කිසිම දෙයක් සිදු නොවුන ගානට..

ඩෙරික් ඈත නොපෙනී යනකන්ම ජිමින් ඔහු දිහා බලාගෙන ඉදලා ගෙදරින් පිටත් වුනා..

Reflection || VMIN [ Completed ✔]Where stories live. Discover now