Chapter 18

256 94 2
                                    

"ටේහියුන් ඔයා මේ දැන්ම මාත් එක්ක යන්න එන්න ඕන..ආයිත් මගෙන් ඈත් වෙන්න හිතන්නවත් එපා!...දැන් අපි යමු...ඔයාගේ ගෙදරට ගිහින් සේරම බඩු අරගෙන ඉදපු තැනටම යමු.."

ජිමින් තොල් දෙකත් උල් කරගෙන තරහින් වගේ කිව්වා..

"කලින් ඉදපු තැන??..ඔයාගේ ගෙදරනෙ අපි හිටියේ.."

ටේහියුන් ඇහුවේ ජිමින්ව තේරුම් ගන්න බැරුව..

"ඉතිං එහේ තමයි.."

ජිමින් අහක බලන් කියද්දි ටේහියුන්ට ඉබේටම හිනාගියා..
ඒ පිරුන කම්මුල් තාමත් රතුවෙලා..බෝල ඇස් ලස්සනට දිලිසෙනවා...බොරු තරහක් මවාගෙන උල් කරගෙන ඉන්න තද රෝස පාට තොල් දිහා ටේහියුන් හැගීම් ගොඩක අතරමං වෙලා බලාගෙන හිටියා..එයා ගොඩක් ලස්සනයි..හරිම හුරතල්..ටේහියුන් හිතින් හිතුවා..

"මගේ ඇදුම් තාමත් ඔයාගේ ගෙදර ජිමින්..මම ආවේ කලබලෙන්...ජන්කුක්ගේ ඇදුම් තමයි මම ඇන්දේ..එතකොට මේක මම එදා ඇදගෙන ඉදපු ඇදුම..මට.."

"ඉතිං දැන් ජන්කුක් නැහැනෙ..ඔයා එතකොට ඇදුම් නැතුව ඉන්නද හදන්නෙ??.."

ජිමින් නලලත් හකුලගෙන අහද්දි ටේහියුන් ආයිත් කට කොනකින් හිනාවුනා..ජිමින්ට ඒ හිනාව ඇල්ලුවෙම නැති නිසා ජිමින් අහක බලාගත්තා..

"ඔයා කැමතිනම් මට ප්‍රශ්නයක් නැහැ ජිමින්.."

ටේහියුන් ජිමින්ගේ කනට කරලා කිව්වා..ටේහියුන් දිහා ඇස් දෙකත් ලොකු කරගෙන ජිමින් බලන් හිටියේ මුලු ඇගම හිරිවැටිලා යද්දි..

"යනවා යන්න!..ඔයා නරකයි ටේහියුන්.."

ජිමින් ටේහියුන්ගේ ශර්ට් එකත් අතින් ගුලිකරගෙන හොදටම රතුවෙද්දි ටේහියුන් ඔහුගේ හිනාව පාලනේ කරගන්න අසාර්ථක උත්සාහයක..

"ඔහ් දෙයියනේ!..හැමදේම මම තියලා ගිය විදියටම තියෙනවා..ඔයා ඔයාගේ ගෙදර කෞතුකාගාරයක් කරන්නවත් හිතාගෙන ඉන්නවද ජිමින්??..."

තමන් අස් කරලා ගිය විදියටම යන්තම් එහෙන් මෙහෙන් මකුලු දැල් බැදිලා තිබුන ජිමින්ගේ ගේ වටේට ඇස් යවලා ටේහියුන් ඇහුවා..

"ඔයාව හොයනවා ඇරෙන්න වෙන වැඩක් කරන්න බැරිවුනා!..ඇයි මෙච්චර කරදර කරන්නෙ ටේහියුන්??..තමුන් මහ කරදරකාරයෙක්!!.."

ජිමින්ගේ කෑගැහිල්ල ඇහුන්නැති ගානට ටේහියුන් හෙමීට කුස්සිය පැත්තට ගියා..

"පැත්තකට වෙන්න මම උයන්නම්.."

ජිමින් ටේහියුන්ව පැත්තකට කරලා කලබලෙන් උයන්න පටන් ගත්තා..
ජිමින් ඉන්නෙ තාමත් තරහින් කියලා ටේහියුන් දන්නවා..

"ඩෙරික්..ටේහියුන්...රගපාන්නයි තමුන්ව යවන්න තිබ්බේ!.."

ජිමින් උයන ගමනුත් ටේහියුන්ට බනිද්දි ටේහියුන් තමන්ට නෙවෙයි වගේ වෙන වැඩකට අවධානය දුන්නා..

"ඔයා තනියම උයන්නත් පුරුදු වෙලා ජිමින්.."

ටේහියුන් හිනාවෙලා කිව්වා..

"මට උයන්න පුරුදු කරන්න ඕන නිසා ගියා කියලද කියන්න හදන්නෙ??.."

ජිමින් ඇහිබැමක් උස්සලා ඇහුවා..

"ඔ..ඔව් ඉතිං ඔයා..නෑ මං අහන්නෙ ඇයි ඔයාට බැරි එහෙම හිතලවත් අඩුගානේ මට සමාව දෙන්න.."

ටේහියුන් අහිංසක විදියට හිනාවෙද්දි ජිමින් ටේහියුන් දිහා බලන් හිටියේ ජීවිතේ එපාවුන ගානට..

Reflection || VMIN [ Completed ✔]Where stories live. Discover now