"ටේහියුන් ඇයි ගෙදර ගියේ??.."
ජිමින් අහද්දි ෆ්රෙඩ් සුසුමක් පිටකලා..
"එයාගේ අම්මා නැතිවෙලා ජිමින්..අසනීපෙන් ඉන්නෙ කියලා ටේහියුන් දවසක් කිව්වා මට මතකයි..පව් මම දන්න තරමින් ටේහියුන්ට ඉන්නෙ එයාගේ අම්මා විතරයි..ඒත් හරියටම දන්නෙ නැහැ.."
ජිමින් ටික වෙලාවක් නිහඩවම හිටියා...ඔහු මුකුත්ම නොකිය එලියට දුවගෙන ගියත් ශක්තිමත් ඇගක හැප්පිලා දුරට විසිවෙලා ගිහින් බිම වැටුනා.."
"ඔහ් ජිමින්..සමාවෙන්න ඔයා හොදින්ද??"
ජිමින්ගේ බය තවත් වැඩිවුනා..ජිමින් බිම ඉදගෙනම ටිකෙන් ටික පස්සට ගියා..
"ජිමින් මට සමාවෙන්න..දැන් නැගිටින්න.."
ඔහු ජිමින්ව අතින් අල්ලලා හෙමීට නැගිට්ටුවා..ඔහුගේ නලල වෙලුම් පටි වලින් ඔතලා තිබුනා..අත පය තුවාල වෙලා බෙහෙත් දාලා..දුර්වල වෙලා..
"ජෝන් ඔයාට මොකද්ද වුනේ??.."
ජිමින් ඔහුට ලංවෙලා ඇහුවා..
"මම වැටුනා..ටිකක් තුවාල වුනා..ඔයා පරිස්සමෙන් යන්න.."
ජෝන් යන්තම් හිනාවෙලා එතනින් යන්න ගියා..ජිමින් පුදුමෙන් වගේ ඔහු යන දිහා බලන් හිටියේ ඔහුගේ වෙනස්වීම ගැන හිතාගන්න බැරුව..
ජිමින් ගෙදර ගිහිල්ලත් විශාල ඕක් ගහක් යටට වෙලා පැය ගානක් බර කල්පනාවකට වැටුනා..වෙලාව ගියත් ඔහුට දැනුනෙ නැහැ..වටපිටාව අදුරු වීගෙන යද්දි ජිමින් ගේ ඇතුලට ගිහින් රාත්රී ආහාරය හදන්න පටන් ගත්තා..
ටික වෙලාවකින් එකපාරටම නාද වුන ටෙලිෆෝන් එක ලගට ජිමින් ගියේ හිතට කලින් වගේම මූසල හැගීමක් ඇතිවෙද්දි..
"ජිමින්.."
ෆ්රෙඩ්ගෙ කටහඩ අමුතුයි..ජිමින්ගේ මුහුනේ ඇදුනෙ බැරෑරුම් පෙනුමක්..
"ජිමින්..ඩෙරික් ආයිත් එන එකක් නැහැ...එයා යනවා කියලා මට කෝල් කලා..ඔයාට පාලුයිනම් අපේ ගෙදර එන්න.."
ෆ්රෙඩ් එකදිගට කතාකලා..ඒත් ජිමින්ට ඇහුනේ මුල් වචන ටික විතරයි..ඔහුගේ ඇස් වලින් කදුලු බේරුනෙ පාලනයක් නැතුව..හදවත පසාරු කරගෙන යන්න තරම් වේදනාවක් දැනුනා...කෑගහලා අඩන්න ඕන වුනත් ඔහුගෙන් ඉකියක්වත් පිට නොවුනා..ඔහු නිහඩවම බිත්තිය මුල්ලට ගුලිවෙලා දනිස් දෙක පපුවට තද කරගත්තා..
"ඇයි එහෙම කලේ??...මෙච්චර කාලයක් මගේ ලගින් ඉදලත් එක දවසක්වත් මාව ඔයාට දැනුනෙ නැද්ද??...නෑ එහෙම වෙන්න බෑ...ඔයාට හොදටම දැනුනා..මම ඒක දන්නවා..ඔයාට කවදාවත් මාව නතර කරන්න ඕන වුනෙත් නැහැ...එහෙනම් ඇයි??..මගේ හැගීම් මට නොතේරුන කාලේම ඔයාට යන්න තිබුනා...ඇයි මාව මෙච්චර අසරණ කලේ??...ඔයා හැමදාම හරිම අසාධාරණයි!!..."
ජිමින් ඔහුගේ හිතේ තිබුන හැම වේදනාවක්ම වචන වෙද්දි පාලනයක් නැති කදුලු කැට තරගෙට කඩාගෙන වැටුනා..
                                      
                                          
                                   
                                              
                                           
                                               
                                                  ![Reflection || VMIN [ Completed ✔]](https://img.wattpad.com/cover/305804402-64-k390677.jpg)