Chapter 16

262 91 2
                                    

"ම්..මොකද්ද.."

ජිමින් වෙව්ලන කටහඩින් ඇහුවා..

"ජන්කුක් මගේ හැමදේම ජිමින්..එයා මගේ වගකීමක්..."

"ම..මට සමාවෙන්න..මම වැරදියට හිතුවා.."

ජිමින් බිම බලාගත්තේ දැනුන ලැජ්ජාව නිසාමයි..ටේහියුන් මුකුත් නොකියම ජිමින් දිහා බලාගෙන හිටියා..

"දැන් කියනවා කිම් ටේහියුන්!!...තමුන්ට මාව රවට්ටන්න තිබුන හේතුව මොකද්ද කියලා.."

ජිමින් ටේහියුන්ගේ ශර්ට් එක පපුව ලගින් තද කරලා අල්ලගෙන තරහෙන් කෑගැහුවා...

"ඔ..ඔයා කොහොමද මගේ නම..."

"කොලේජ් එකෙන් හොයාගත්තෙ..ඇයි මොකද ආ??...දැන් මුලින්ම මම අහපු ප්‍රශ්නෙට උත්තර දීලා ඉන්නවා පැනලා යන්න හදන්නෙ නැතුව.."

ජිමින්ට තවත් තරහ ගියේ ටේහියුන් අදාළ නැති ප්‍රශ්නයක් අහපු නිසා..

"ජිමින් ඇත්තටම ෆ්‍රෙඩ් මුකුත් දන්නෙ නැහැ.."

ටේහියුන් බිම බලාගෙන කියද්දි ජිමින් ලොකු හුස්මක් පිටකලා..

"මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ටේහියුන්!!...මම දන්නවා ඒ මෝඩයා මේ කිසිම දෙයක් දන්නෙ නැහැ කියලා..දැන් මට අහපු දේට උත්තර දෙන්න!...ඇයි මාව රැවැට්ටුවේ??...ඇයි මාව දාලා ගියේ??"

ජිමින්ගේ ඇස් වලින් එකදිගට කදුලු කඩාගෙන වැටුනා..ටේහියුන් ජිමින්ගේ මූන ඔහුගේ අත් අතරට ගත්තේ ගොඩක් ආදරෙන්..

"ජිමින්..මම ආවේ ඔයාගේ ගෙදර වැඩ කරන්න..ගෙදර වැඩ කරන කෙනා ඔයත් එක්ක එකට ඉගෙන ගන්න එක ඔයාට හොද නැහැනෙ ජිමින්...මට"

"මොනවද කියවන්නෙ ඔයා??..මම කවදාවත් ඔයාට එහෙම කියලා තියෙනවද??...ඔයා නිසයි මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුනේ..ඔයා මගේ හැම හැගීමක්ම අයිති කරගත්තා..ඔයාට ඒක නොතේරුනා කියලද කියන්නෙ??...මොනවද මේ කියවන විකාර ටේහියුන්..ඔයා මම ගැන හිතුවෙ නැහැ කියලා ඔයාට කියන්න බැහැ නේද??...මම ඔයාට ආදරෙයි කියලා ඔයා නොදන්නවා කියලා ඔයාට කවදාවත් කියන්න බැහැ..ඔයාට හැමදේම දැනුනා..එහෙම නේද??"

ජිමින් ගොඩක් නොසන්සුන් වෙලා..කලබලෙන් හිතේ තියෙන හැමදේම කියවගෙන ගියේ තරහත් දුකත් වේදනාවක් වගේම සතුටකුත් හිතේ ඇතිවෙද්දි..

ටේහියුන්ගේ ඇස් වල පිරිලා තිබුන කදුලු හෙමීට කම්මුල් දිගේ ගලාගෙන යනවා..ඒත් ඔහු නිශ්ශබ්දයි..

"මම වෙනුවෙන් ඔයා කරපු දේවල් මම දන්නවා ටේහියුන්..එදා ඔයා කරපු වැඩේ නිසා ඔයාට ලකුනු නැතිවුනා..ඇයි ඒ??..මාව හැමදාම හොදට බලාගත්තා...එදා මාව බේරගත්තේ ඔයා...ඔයා හරිම මෝඩයි..නිකමටවත් ඔය සපත්තුවේ ගාන්චුව නෑ කියලවත් තාම දැක්කෙ නැද්ද??...තමන්ගේ සපත්තු දෙක දිහාවත් හරියට නොබලන මනුස්සයෙක්ව දැක්කමයි.."

ජිමින් තරහත් එක්කම යන්තම් හිනාවෙලා සාක්කුවේ තිබුන ගාන්චුව ටේහියුන්ගේ අතට දුන්නා..ටේහියුන් අසරණකම නිසාම තමන්ගේ සපත්තු දෙක දිහා ඔහේ බලාගෙන හිටියා..

Reflection || VMIN [ Completed ✔]Where stories live. Discover now